Colombo Today Local News

බැඳුම්කර ලාභයෙන් කොටසක් ඇලෝසියස්ගේ අරක්කු සමාගමට !

බැඳුම්කර ගනුදෙනුව මගින් පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම උපයාගත් ලාභයෙන් කොටසක් තවත් සමාගමකට ලාභාංශ ලෙස බෙදා දී ඇති බව අනාවරණය වී තිබේ.

බැඳුම්කර කොමිසම අද රැස්වූ අවස්ථාවේ පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ ප්‍රධාන විධායක නිළධාරී කසුන් පලිසේන මහතාගේ සිදුකළ ප්‍රශ්නකිරීම්වලදී මේ බව අනාවරණය වී ඇති බව සඳහන්ය.

2014 වසරේ සිට පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම උපයාගත් ලාභයෙන් පර්පෙචුවල් ඇසට්ස් මැනේජ්මන්ට් සමාගමට ලබාදුන් රුපියල් මිලියන 712ක ලාභාංශ යොදවන ලද ආයෝජන පිළිබඳ ඊයේ දිනයේ කරුණු දැක්වීමට පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ ප්‍රධාන විධායක නිළධාරීවරයා අපොහොසත් විය.

කෙසේවෙතත් ඊයේ දිනයේ කොමිසම ඒ පිළිබඳ විමසා සිටි අවස්ථාවේ ප්‍රධාන විධායක නිළධාරී කසුන් පලිසේන මහතා ප්‍රකාශ කර ඇත්තේ තමා පර්පෙචුවල් ඇසට්ස් මැනේජ්මන්ට් සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයට පත්වූයේ 2016 පෙබරවාරි මාසයේ වන බැවින් එම වසරේ ආයෝජන සම්බන්ධයෙන් කොමිසමට කරුණු දැක්වීමට තමන්ට හැකි බවයි.

ඒ අනුව 2016 වසරේ ප්‍රශ්නගත බැඳුම්කර ගනුදෙනුව මගින් පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම උපයාගත් ලාභයෙන් රුපියල් කෝටි 34කට අධික මුදලක් අර්ජුන් ඇලෝෂියස් සහ ඔහුගේ පියා අධ්‍යක්ෂ ධූර දරන සමාගමකට ලාභාංශ ලෙස බෙදා දී ඇති බව කසුන් පලිසේන මහතා පවසා තිබේ.

මේ අතර බැඳුම්කර කොමිසමේ නියෝගයකට අනුව ඩබ්ලිව් .එම්. මෙන්ඩිස් සමාගම කොමිසමට ඉදිරිපත් කළ ගිණුම් දත්තවල අඩුපාඩු පවතින බව අද කොමිසමේ සභාපති කේ.ටී චිත්‍රසිරි මහතා ප්‍රකාශ කර තිබේ.

කොමිසම නියෝග කළ ආකාරයට ආදායම් සහ වියදම් අන්තර්ගත ගිණුම් දත්ත හැකි ඉක්මනින් කොමිසමට භාරදෙන ලෙස සභාපතිවරයා ඩබ්ලිව්.එම්. මෙන්ඩිස් සමාගමේ නීතීඥවරයාට දැනුම් දුන් බව සඳහන්ය.

 

Related posts

දුම්රියේ ගැටී වන අලි 4ක් මරුට

Admin

ගෝඨාභය ජනපතිට, මහින්ද අගමැතිට, අලි සබ්‍රි ඇමතිට තවුහිඩ් ජමාත් උත්තමාචාරය.

colombotoday

අප්‍රිකානු සංචාරකයින්ට ශ්‍රී ලංකාවෙන් පැනවූ තහනම ඉවත් කරයි

colombotoday

‘අගමැති කාලගුණ අනාවැකි නොපිළිගන්නවානම් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වසා දැමිය යුතුයි‘ – අනුර යාපා

colombotoday

අල්ලස් ගත් ගොවිජන සේවා නිලධාරීන් දෙදෙනෙකුට වැඩ වරදී

Admin

ප්‍රාදේශීය ලේකම්වරයකු හා සැලසුම් අධ්‍යක්ෂවරයකු අල්ලසක් ගැනීමේදී මාට්ටු

colombotoday