Colombo Today Local News

උතුරු කොරියාවට විරෝධය දැක්වීම : ජනපති දැනන් හිටියේ නැතිලු..!

උතුරු කොරියාව විසින් සිදු කරන ලද මිසයිල අත්හදාබැලීම් හෙළා දැක ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යංශය නිකුත් කළ නිවේදනය පිළිබඳ ජනාධිපතිවරයා නොදැන සිටි බව කැබිනට් සම ප්‍රකාශක අමාත්‍ය දයාසිරි ජයසේකර පවසයි.

අදාළ නිවේදනය මුල් කර ගනිමින් ෆේස්බුක් සමාජ ජාලය තුළ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනට එරෙහිව “මඩ ගැසීමක්” සිදුවන බව ඔහු කියා සිටියේ බදාදා (අගෝස්තු 02) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේ අදහස් දක්වමිනි.

“ජාත්‍යන්තර සාමය සහ ආරක්ෂාව තර්ජනයට ලක්කරමින් උතුරු කොරියාව සිදු කරන එදිරිවාදී ක්‍රියාකාරකම් දැඩිව හෙළා දකින බව” යනුවෙන් සඳහන් නිවේදනයක් ශ්‍රී ලංකා විදේශ අමාත්‍යාංශය විසින් පසුගියදා නිකුත් කර තිබිණි.

කැබිනට් මණ්ඩල රැස්වීමේදී, ජනාධිපතිවරයා අදාළ නිවේදනය සම්බන්ධයෙන් විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායකගෙන් විමසා සිටි බවත් අමාත්‍ය දයාසිරි ජයසේකර සඳහන් කළේය.

“එතුමා විදේශ කටයුතු ඇමතිතුමාගෙන් ඇහුවම, ඇමතිතුමා දන්නෙත් නැහැ, අගමැතිතුමා දන්නෙත් නැහැ. ඒ නිසා ඒ පිළිබඳ පරීක්ෂණයක් කරන්න කියලා ජනාධිපතිතුමා නියෝග කළා” යනුවෙන් ඔහු වැඩිදුරටත් පැවසීය.

BBC

Related posts

හෙරොයින් පැකට් 380ක් සමග කාන්තාවක් අත්අඩංගුවේ

colombotoday

නිහඩ ආක්‍රමණයෙන් අනුරාධපුරය මුස්ලිම්කරණයට

colombotoday

පරණ ලාෆ් ගෑස් සිලින්ඩර යළි භාරගනියි

colombotoday

හර්ෂණගේ ආචාර්ය හුටපටය වෙනත් දිශාවකට

Admin

මන්ත්‍රීවරුන්ට සුපිරි නිවාස ලබාදීමේ ව්‍යාපෘතිය නවතයි

colombotoday

අගමැති හදිසියේ රටින් පිටවෙයි

colombotoday