Colombo Today Local News

ජූලි 29 ඉතිහාසයේ කලු දිනයක්.. එදා මාමා කළ දේම අද බෑණා කරයි !

එදා ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා අපකීර්තිමත් ඉන්දු ලංකා ගිවිසුම අත්සන් කළ දිනයේම ඔහුගේ බෑනා හම්බන්තොට මාගම්පුර වරාය චීන සමාගමකට පවරා දීම ඉතාමත් අවාසානාවන්ත සිදු වීමක් වශයෙන් සැලකිය හැකි බවද ජූලි 29 දින මේ රට ට අවාසනාවන්ත සිදු වීම් ඇති කරන දිනයක් බවට පත්ව ඇතැයිද හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (29) සවස තංගල්ල කාල්ටන් නිවසේදී පැවසීය.

හම්බන්තොට වරාය චීන සමාගමකට බදු දීම සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න වලට පිළිතුරු ලබා දෙමින් හිටපු ජනාධිපතිවරයා එසේ පැවසීය .

එහිදී තව දුරටත් අදහස් දැක් වූ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා , හම්බන්තොට දිස්ත්‍රික්කයේ පරම්පරා ගණනක් හම්බන්තොට වරාය ගැන සිහින දැක්කා. මගේ පියා ඩී.ඒ. රාජපක්ෂ මැති තුමා, චමල් රාජපක්ෂ මැති තුමා වගේම එක්සත් ජාතික පක්ෂයේ ආනන්ද කුලරත්න වැනි නායකයන්ද හම්බන්තොයට වරාය ඉදිකරීම පිළිබදව සිහින දැක්කා. ඒ සිහිනය මට සැබෑවක් කරන්න පුළුන් කම ලැබුණා. මට අද දිනය ඉතාමත් කණගාටු දායක දිනයක් .

නිසි කළමණාකරනයක් යටතේ ලාභ ලැබිය හැකි හම්බන්තොට වරාය චීන සමාගමකට 99 අවුරුද්දකට බදු දීම පරම්පරා ගණනකට චීන සමාගමට බදු දීමක් වෙනවා. හම්බන්තොට දිස්ත්‍රික්කයේ බොහෝ ඉඩම් ජනතාවට ලබා දී තියෙන්නේත් 99 අවුරුදු බදු ගිවසුම් යටතේයි. එම ඉඩම් වල පරම්පරා කීයක් නම් ජීවත් වෙනවාද?

මේ ආණ්ඩුවේ ප්‍රතිපත්තිය වී තිබෙන්නේ ජාතික සම්පත් පාඩු ලබන තත්වයට ගෙනත් විකුණා දැමීමයි. නැත්නම් මත්තල ගුවන් තොටුපලේ වී ගබඩාක් කරන්නෙ නෑ.

Related posts

“උ/නැගෙනහිර ඒකාබද්ධ කර ස්වයංපාලනයක් අපට ඕනෑ” – විග්නේශ්වරන්

colombotoday

Video: කෙරවලපිටිය විදුලි බලාගාරය ඉදිකිරිම චීනයට දීමේ දුෂිත ගනුදෙනුව

colombotoday

ශ්‍රී ලංකාව නැවත ස්ථාවර කිරීමට IMF සහය

colombotoday

මහනුවර වැසුණු පාසල් සදුදා යළි ඇරේ..

colombotoday

කෝටියකට අධික වටිනාකමින් යුතු දුම්වැටි තොගයක් අත්අඩංගුවට. | ප්‍රධාන ජාවාරම්කරු සොයා විමර්ශන.

colombotoday

පාන් ගෙඩිය රු5කින් ඉහළ යයි ! බත් පැකට්ටුවත් රු30කින් ගණන් උස්සන ලකුණු

colombotoday