Colombo Today Local News

සුදු වෑන් එකෙන් ඇවිත් රයන්ව අරන් යන්න හදද්දී බාධා කළ අයටත් වැඩ වරදී !

ඉකුත් 20 වැනිදා කොළඹ පැවිත මාධ්‍ය හමුවක් අතරතුර සුදු වෑන් රථයකින් පැමිණ වෛද්‍යපීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවේ කැදවුම්කරු රයන් ජයලත් අත්අඩංගුවට ගැනීමට උත්සහාකල අවස්ථාවේ ඊට බාධා කල පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ පවත්වන බව කොළඹ අපරාධ කොට්ඨාසය අද (24) අධිකරණයට දැන්වූවා.

පසුගිය දා සෞඛ්‍ය අමාත්‍යාංශයට බලහත්කාරයෙක් කඩා වැදී රුපියල් ලක්ෂ අටකට අධික පොදු දේවළවලට හානි කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත්කර තිබූ අදාල පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට යෑමේදී බාධා කල පුද්ගලයන් හදුනා ගැනීම සදහා රූපවාහිනි නාලිකාවල ප්‍රචාරය වූ වීඩියෝ දර්ශන අවශ්‍ය බවද පොලීසිය අධිකරණයට දන්වා සිටියා.

ඒ අනුව මෙම සිද්ධියට අදාල වීඩියෝ දර්ශන ඇතුළත් සංයුක්ත තැටි පරීක්ෂණ සඳහා කොළඹ අපරාධ කොට්ඨාසය වෙත ලබා දෙන ලෙසට ප්‍රධාන මහේස්ත්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර රූපවාහිනී නාලිකා හයකට නියෝග කර සිටියා.

මෙම සැකකරු අත්අඩංගුවට ගැනීමට යෑමේ දී පොලිසිය භාවිත කළේ පොලිස් දෙපාර්තමේන්තුවට අයත් වෑන් රථයක් බවද පොලිසිය අධිකරණයට දන්වා සිටියා.

Related posts

විනාශකරන විල්පත්තුවේ පුරාවිද්‍යා නටබුන්

colombotoday

නීති විරෝධී ලෙස මෙරටට එවූ බීඩී කොළ කිලෝ 1456ක් මන්නරෙමෙන් සොයා ගනී

colombotoday

පලස්තීනයට හුරේ දාන්න ගිය පළිය ඇමරිකාව ගනී.. GSP සහනය කපා දමයි.. ලංකාව ලෝක අමාරුවක වැටේ !

colombotoday

ජනපති වෙබ් අඩවිය හැක් කළ 17 හැවිරිදි පාසල් සිසුවා අත්අඩංගුවට !

colombotoday

මනුෂ ගෑනු දාලා ගියා. හරින්ගේ පොඩියි. ලන්සා ගණිකා නිවාස කළා. අද පාර්ලිමේන්තුව අශෝභන තත්වයක

colombotoday

දුක කියන්න ආ වව්නියාව සිංහල වැසියෝ පැය 3ක් අව්වේ කරවෙයි.. රජයේ බලධාරියෙක් අහලක ඇවිත් නෑ

colombotoday