මදුරුවන්ගෙන් ආරක්ෂා වීම සදහා පාසල් සිසුන්ගේ නිල ඇදුම වෙනස් කිරීම අදාළ උපදෙස් මාලාව අධ්‍යාපන අමාත්‍යාංශය මගින් විදුහල්පතිවරුන් වෙත නිකුත් කර තිබේ.
ඒ අනුව පාසල් සිසුන්ට ශරීරය ආවරණය වන පරිදි දිග කලිසමක් සහ ටී ෂර්ඩයක් හෝ අත්දිග කමිසයක් භාවිතා කළ හැකි අතර, ඇදුමේ වර්ණය තීරණය කිරීමේ බලය විදුහල්පතිවරුන්ට පවරා තිබේ.
පාසල් සිසුන් ඩෙංගු මදුරුවන්ගෙන් ආරක්ෂා විය හැකි ඇඳුමක් හදුන්වා දෙන බව අධ්‍යාපන ඇමති අකිල විරාජ් කාරියවසම් මහතා පසුගිය දා ප්‍රකාශ කර සිටි අතර, ඒ අනුව මෙම තීරණය ක්‍රියාත්මක වේ.