Colombo Today Local News

“අතුරුදන් කිරීම් පිළිබඳ පනත විවාදයට ගෙන සම්මත කරගන්නවා“ – කිරිඇල්ල

බලහත්කාරයෙන් අතුරදන් කිරීම්වලින් සියලු තැනැත්තන් ආරක්‍ෂා කිරීම සඳහා වූ ජාත්‍යන්තර සම්මුති පනත් කෙටුම්පත ඉදිරියේදී යළි පාර්ලිමේන්තුවේ විවාද කර අනුමැතිය ලබා ගන්නා බව සභානායක ඇමැති ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතා ඊයේ (06) විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් කියා සිටියේය.

සභාපතිවරයා සඳහන් කර සිටියේ අදාළ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකර ඉල්ලා අස් කරගත් බවට දිනපතා පුවත්පතක (06දා) පළව තිබූ ප්‍රවෘත්තිය අසත්‍යයක් බවයි. පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට එදින ඉදිරිපත් නොකළද, න්‍යාය පුස්තකයේ ඇතැයිද හෙතෙම එහිදී වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

මෙම ජාත්‍යන්තර ප්‍රඥප්තියට ශ්‍රී ලංකාව එකගවීමෙන් යුද ජයග්‍රහණයට දායක වූ හමුදා නිලධාරීන් හා නායකයන් ජාත්‍යන්තර අධිකරණයට ඉදිරිපත් කිරීමේ හැකියාව ලැබෙන බැවින් එම පනත ගෙන ඒම සුදුසු නැති බව තෛනිකායික මහා නාහිමිවරුන් පසුගියදා රජයට දන්වා සිටියහ.

Related posts

සිංහල බෞද්ධ බලවේග බේදභින්න කරන ගොබෙල්ස් න්‍යායාචාරීන් ගැන හෙළිදරව්වක් (Video)

colombotoday

පුපුරන ද්‍රව්‍ය තොගයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට

colombotoday

තවත් 400කට අද ද්විත්ව පුරවැසිභාවය පිරිනමයි…

colombotoday

ව්‍යවස්ථාදායක සභාව මේ සති අගදී මුල් වරට රැස්වෙයි

colombotoday

කාන්තා නියෝජ්‍ය පොලිස්පතිවරියන් දෙදෙනෙක්ට ඉතිහාසයේ මුල් වරට හිමි තනතුරු

colombotoday

මද කිපුණු මහානාමයෝ පාසලේ නමත් කයි.. බාලිකාවකට බලෙන් පැන යකා නටයි (VIDEO)

colombotoday