Colombo Today Local News

අරගලය හේතුවෙන් මියගිය ගණන 7 දක්වා ඉහලට

අරලිය ගහ මන්දිරය අසල විරෝධතාව අතරතුර තුවාල ලැබූ පොලිස් නිලධාරීයෙකු ජීවිතක්ෂයට පත් වී තිබේ.

එම පොලිස් නිලධාරියා ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර සිටියදී මිය ගිය බව එහි ප්‍රකෂකයෙකු සඳහන් කළේ ය.

එමෙන් ම, ගාලු මුවදොර පිටියේ ගැටුම අතරතුර තුවාල ලැබූ පුද්ගලයෙකු ද කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර සිටියදී මියගොස් ඇත.

මේ අතර, නිට්ටඹුව ප්‍රදේශයේ සිදු වූ වෙඩි තැබීමේ සිද්ධියෙන් මිය ගිය පුද්ගලයින් සංඛ්‍යාව 3ක් දක්වා ඉහළ ගොස් ඇති බව නිට්ටඹුව පොලිසිය පැවසීය.

පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරල, ඔහුගේ ආරක්ෂක නිලධාරීයා සහ වතුපිටිවල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි 27 හැවිරිදි තරුණයෙකු මෙලෙස ජීවිතක්ෂයට පත් වී තිබේ.

සිද්ධියෙන් තුවාල ලැබූ පුද්ගලයින් 5 දෙනෙකු මේ වන විට වතුපිටිවල රෝහලේ ප්‍රතිකාර ලබන බව රෝහල් ආරංචි මාර්ග පැවසීය.

මේ අතර, වීරකැටිය ප්‍රාදේශීය සභා සභාපතිවරයාගේ නිවෙස් පරිශ්‍රයේ ඊයේ රාත්‍රියේ සිදුවූ වෙඩි තැබීමක් අතරතුර පුද්ගලයන් දෙදෙනෙකු ජිවිතක්ෂයට පත්වී තව ත් 7 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබේ.

Related posts

ණය ගැතියන්ට සහන සලසන්නැයි සියලු බැංකු වෙත උපදෙස්..

Admin

මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරමක තොරතුරු හෙලිවේ

Admin

නාවලපිටිය නගරය ජලයෙන් යට වේ

colombotoday

රාජ්‍ය සේවය සාමාන්‍ය පරිදි පවත්වාගෙන යන්න චක්‍රලේඛයක්

Admin

කොරෝනා ආසාදිතයින් ගණන 1717 දක්වා ඉහලට

colombotoday

බෞද්ධ කොඩියක් එසවූවායැයි යාපනේ නොසන්සුන්තාවක්..

colombotoday