Colombo Today Local News

විහාර පරිපාලනයට ඇගිලි ගහන්න රජයට බලයක් නෑ.. පූර්ණ බලය විහාරාධිපතිවරුන්ටයි

වෙහෙර විහාරස්ථානවල ආදායම් පරිපාලනයට ඒවා වියදම් කරන්න සම්පූර්ණ බලය තියෙන්නේ විහාරාධිපති ස්වාමින්වහන්සේලාට බවත් වෙනත් කිසිදු පුද්ගලයෙකුට එයට අත ගැසීමට අයිතියක් නිමැති බවත් බුද්ධසාසන හා අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ පවසයි.

ඓතිහාසික මයියංගන රජමහාවිහාරස්ථානයේ පැවති ආගමික උත්සවයක් අතරතුරදී අදහස් දක්වමින් ඇමතිවරයා මේ බව සඳහන් කරයි.

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා සඳහන් කළේ,

“පහුගිය කාලයේ රංගිරි දඹුළු විහාරය සම්බන්ධයෙන්පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් ඉදිරිපත් කරපු යම් යම් චෝදනා, මූල්‍ය අක්‍රමිකතා ආදිය. වර්තමාන විහාරාධිපති වහන්නේ ආචාර්ය ගොඩගම මංගල ස්වාමින් වහන්සේ විහාරාධිපති තනතුරට පත්වෙන්නේ මීට මාස කිහිපයකට පෙර. ඔය කියන චෝදනා සම්බන්ධවත් ඔය කියන කාලය සම්බන්ධවත් උන්වහන්සේ විහාරාධිපති තනතුර දරලා නෑ. මීට පෙර ඒ විහාරස්ථානයේ යම්කිසි අක්‍රමිකතාවයක් දුර්වලතාවයක් සිද්ධ වුනා නම් සංස්කෘතික අරමුදල තියනවා, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව තියනවා ඒකේ අදාළ නිලධාරින් අල්ලලා ඔවුන් වැරැද්දක් කරලා තියනවා නම් ඔවුන්ට දඩුවම් දෙන්න ඕන. ඒ වැරැද්ද අපේ මහා සංඝරත්නය පිට පටවන්නට කිසිම කෙනෙකුට අයිතියක් නැහැ. අපේ රටේ තියනවා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවක් මම දන්න විදියට රැකපු පුරා විද්‍යා ස්ථානයක් නෑ. මේ වෙහෙර විහාරස්ථාන වල අයිතිය පරිපාලනය සම්පූර්ණයෙන්ම හිමි වන්නේ ඔබ වහන්සේලාට මිසක් රජය හෝ ආණ්ඩුව හෝ රජයේ ආයතනයකට ඒවායේ හිමිකම ලබා ගන්නවත් පරිපාලනයට ඇඟිලි ගහන්න අපි ඉඩ තියන්නේ නෑ කියන කාරණය අති ගෞරවනීය මහා සංඝරත්නය හමුවේ මම ප්‍රකාශ කරනවා.” යනුවෙනි.

 

Related posts

ප්‍රචන්ඩ රැල්ල නොනවතී.. “ආවා“ට අමතරව උතුරේ තවත් පාතාල කල්ලි 5ක් !

colombotoday

නිදොස් කොට නිදහස් වූ පිල්ලෙයාන් මැලේසියාවට පලා යයි

colombotoday

එක්සත් ජනතා නිදහස් සන්ධානයට ලැබෙන්නේ ඡන්ද 10% යි. බුද්ධි අංශ වාර්තාවෙන් තරු විසිවෙයි

colombotoday

පස්යාලේදී මෝටර් රථයක් පියා සහ දියණියට මරු කැදවයි

Admin

“ආණ්ඩුව පෙරළන්න රට වටේ යන්න හිටපු ජනපතිට හමුදා ආරක්ෂාව දෙන්න බෑ” – විජිතමුණි සොයිසා

colombotoday

වත්මන් රජය යටතේ තමන් ඇසූ, දුටු අමිහිරිම පුවත් ගැන සෙන්පති කමල් ගුණරත්න හෙළිකරයි

colombotoday