Colombo Today Local News

අස්ගිරියේ සිංහ නාදයට රාමාඤ්ඤ නිකායත් අවදිවෙයි.. මහා නාහිමියන්ගෙන් විශේෂ ප්‍රකාශයක් !

භික්‍ෂු සමාජය තුළ මෙන්ම සිංහල බෞද්ධ සමාජය තුළ වර්තමානයේදී යම් අසහනකාරීත්වයක් උද්ගතව ඇත්තේ රටේ නීතිය පොදු සාධාරණ ක‍්‍රමවේදයකට අනුව ක‍්‍රියාත්මක නොවීම නිසා බව ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහා නායක අති පූජ්‍ය නාපාන පේමසිරි මහා නාහිමියන් ප‍්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටී.

ඊට පසුබිම් වූ එම හේතු නොසලකා භික්‍ෂූන් වහන්සේ හා බෞද්ධ ජනතාව අන්තවාදීන් ලෙස මුද්‍රා තැබීමට ඇතැමුන් ගන්නා උත්සාහයන් පිළිකුලින් යුතුව හෙළා දකින බවත් රාමඤ්ඤ මහා නාහිමියන් අවධාරණය කරයි.

ජාතික හා සාසනික ගැටලූ හමුවේ ඇතැම් සංවිධාන ක‍්‍රියාකළ අපරිණත ස්වරූපය නිසා ද බුදු සසුනට හානියක් වූ බව එම ප්‍රකාශයේ දැක්වෙයි.

මෑත කාලීන ආණ්ඩු බුද්ධ ශාසනය සම්බන්ධයෙන් තම වගකීම පැහැර හැරීම නිසා බෞද්ධ ජනතාව මහත් කනස්සල්ලට පත්ව සිටින බවද, මහා සංඝරත්නයේ අදහස් වලට අවනතව කටයුතු කිරීම රජයේ වගකීම බවද මහා නාහිමියෝ අවධාරණය කර සිටිති.

චෝදනා නැගීම සහ පැලැස්තර විසදුම් යෙදීමෙන් වැළකී බුද්ධ ශාසන කොමිසන් සභා වාර්තාවේ දැක්වෙන නිර්දේශ වහාම ක්‍රියාත්මක කරන්නැයිද උන්වහන්සේ රජයට අවධාරණය කර සිටී.

[fbvideo link=”https://www.facebook.com/sinhaputhunnew/videos/1477104012327872/” width=”500″ height=”400″ onlyvideo=”1″]

Related posts

අත්අඩංගුවට ගත් රේස් යතුරුපැදි 10ක රස පරීක්ෂක වාර්තා කැඳවයි

colombotoday

මුස්ලිම් නීතිය තහනම් කරන්න.. කාන්තා සංවිධාන අටකින් ඉල්ලීම්

colombotoday

යහපාලන ඇමති මණ්ඩලයත් ලෝකය දිනයි.. රටවල් 191ක් පරදා අංක 1ට එයි !

colombotoday

සිරස ප්‍රධානි ආර්. රාජමහේන්ද්‍රන් මහතා ජීවන ගමනට සමු දෙයි.

colombotoday

සෞඛ්‍ය සේවාවන් ඇතුළු අත්‍යවශ්‍ය සේවාවන්ට සමුපකාර පිරවුම්හලෙන් ඉන්ධන

colombotoday

කොරෝනා ආසාදිතව නිවසක සිටි තරුණයෙක් පැන යයි

colombotoday