Colombo Today Local News

‘එට්කා‘ සාකච්ඡා මේ වසරෙන් ඉවරයි.. අත්සන් කිරීම ඊළගට !

ඉන්දියාව, චීනය හා සිංගප්පූරුව සමඟ වන නව නිදහස් වෙළඳ ගිවිසුම් සම්බන්ධයෙන් වන සාකච්ඡා මේවසර අවසන් වන විට අවසන් කරන බව සංවර්ධන උපායමාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍යංශ්‍ය මලික් සමරවික්‍රම මහතා කැබිනට් මණ්ඩලයට දැනුම්දී තිබේ.

අදාළ සාකච්ඡා සඳහා ආර්ථික කළමනාකරණය පිළිබඳ අනුකමිටුව විසින් නම දෙනෙකුගෙන් යුත් වෙළඳ සාකච්ඡා කමිටුවක් පත්කර ඇත.

ඒ අනුව එම කමිටුව මේවන විට චීනය සමඟ සාකච්ඡා වට හයක්, සිංගප්පූරුව සමඟ සාකච්ඡා වට 4ක් පවත්වා ඇතැයි වාර්තා වේ.

මෙම සාකච්ඡා ඉන්දියාව සමඟ “ආර්ථික හා තාක්ෂණික සහයෝගිතා ගිවිසුම” (එට්කා) පවත්නා නිදහස් වෙළඳ ගිවිසුම විස්තීරණ වෙළඳ ආර්ථික සහයෝගිතාවක් දක්වා පුළුල් කිරීමටත්, චීනය – 2014 වර්ෂයේදී ආරම්භ කරන ලද “ චීන ශ්‍රී ලංකා නිදහස් වෙළඳ ගිවිසුම සම්බන්ධයෙන් හා සිංගප්පූරුව සමඟ සිංගප්පූරු ශ්‍රී ලංකා නිදහස් වෙළඳ ගිවිසුම ඇති කර ගැනීම සඳහාත් පවත්වා ඇතැයි පැවසේ.

Related posts

රැකියා ලක්ෂ පහක් භාර ගන්න සූදානම් වෙන්න – ඇමති රවී තරුණයන්ට කියයි

colombotoday

“මා කීවේ නපුංසක ආණ්ඩු කියායි” – ඥාණසාර හිමි ඊයේ අධිකරණයේදී දුන් සාක්ෂිය !

colombotoday

ශ්‍රීපාදය කරුණා කරන්න මහ සෙනගක්… 15km වාහන පොළිමක් (Photos)

colombotoday

බන්ධනාගාරගත පාස්කු ප්‍රහාරයට සම්බන්ධ සැකකරුවන් ලග දුරකථන

colombotoday

19 අහෝසි කිරීමට කැබිනට් අනුමැතිය

colombotoday

යාපනයෙන් කොළඹ ආ සැප බස් රිය අළු වෙයි

Admin