Colombo Today Local News

කසළ ගොඩ ගැසේ.. කොළඹ ම දුගද හමයි.. වසංගත රෝග අවදානමක් ! සෞඛ්‍ය අංශ අනතුරු අගවයි

දින දෙකක සිට කොළඹ නගරයේ කුණු තැන තැන ගොඩ ගැසී තිබීම නිසා මුළු කොළඹ නගරයේම දැඩි දුර්ගන්ධයක්‌ හමන බව ජනතාව පවසති.

පිට ප්‍රදේශවලින් පැමිණෙන බොහෝ දෙනා යතුරුපැදිවලින් පැමිණ කුණු බෑග් විසිකර දමා යන බවට නගරවැසියෝ චෝදනා කරති. මේ අතර කසළ වර්ගීකරණය නොකර දැමීම හේතුවෙන් කසළ රැගෙන යාමේ දී ගැටලු මතුවන බව කොළඹ මහනගර සභාව පවසයි.

කොළඹ නගරයේ තැන තැන කසළ එක්‌රැස්‌ වීම නිසා ඩෙංගු රෝගය ඇතුළු තවත් වසංගත රෝග පැතිරයාමේ අවදානමක්‌ මතුවී ඇතැයි සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි.

මහා මාර්ග දෙපස එකතු වන කසළ නිසි පරිදි ඉවත් නොකිරීම ඩෙංගු රෝගය ව්‍යාප්ත වීමට ද බලපා ඇති නිසා එයට තාවකාලික විසඳුමක්‌ වශයෙන් සති දෙකක කාලයක්‌ සඳහා හදිසි ආපදා තත්ත්වයක්‌ ප්‍රකාශයට පත්කර ත්‍රිවිධ හමුදා හා පොලිස්‌ නිලධාරීන් යොදවා එම කසළ ඉවත් කිරීමේ වැඩපිළිවෙළක්‌ ක්‍රියාත්මක කරන ලෙස සෞඛ්‍ය ඇමැති වෛද්‍ය රාජිත සේනාරත්න මහතා, ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගෙන් ඉල්ලීමක්‌ කර තිබේ.

Related posts

තිස්ස අත්තනායක රිය අනතුරකට ලක්වෙයි

Admin

හබරාදූව ප්‍රාදේශීය සභාවේ අයවැය සම්මතයි

colombotoday

යාපනයේ දූපත් තුනකට විදුලිය

Admin

ජනපති මෛත්‍රී ධවල මන්දිරයේදී ඇමරිකා ජනපති ට්‍රම්ප් හමුවෙයි

colombotoday

“හැකිනම් තනි ආණ්ඩුවක් හදා පෙන්නන්න“ – ඇමති සුසිල්ගෙන් එජාපයට අභියෝගයක්

colombotoday

වාතයෙන් බෝවන කොරෝනා වෛරස් ප්‍රභේදයක් අලුත් එකක් නොවෙයි. – රවී කුමුදේශ්

colombotoday