Colombo Today Local News

රවී හොරෙක් නොවුණට යාළුවන්ට උදව් කරන්න ගිහින් අමාරුවෙ වැටෙන බව දැනගන හිටියා – ජනපති මෛත්‍රී

රවී කරුණානායක මහතාට මුදල් අමාත්‍ය ධුරය ලබා නොදී වෙනත් අමාත්‍ය ධුරයක් ලබා දුන්නේ නම් ඔහු අදටත් කැබිනට් මණ්ඩලයේ සිටින බවත් රවී හොරෙක් නොවුණට යාළුවන්ට උදව් කරන්න ගිහින් රවී අමාරුවෙ වැටෙන බවදැනගෙන සිටි බවත්, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ප්‍රකාශ කර තිබේ.

ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කර ඇත්තේ පසුගිය (16) පැවති කැබිනට් මණ්ඩල රැස්වීම අතරතුරදී ය. රවී කරුණානායක මහතාට මුදල් අමාත්‍ය ධුරය ලබා නොදෙන ලෙස තමන් මුලදීම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට පැවසූ බව ජනාධිපතිවරයා එහිදී පවසා ඇත.

“මම ඕනෙ තරම් කිව්වා රවීට මුදල් ඇමතිකම දෙන්න එපා කියලා.රවී මට ගොඩක් උදව් කරපු කෙනෙක්. මම පක්ෂයක් නැතිව ඉන්නකොට මට පක්ෂය දීලා, ඡන්ද ලකුණ දීලා උදව් කළේ රවී. මම රවීට මුදල් ඇමතිකම දෙන්න එපා කිව්වේ රවී හොරෙක් නොවුණට යාළුවන්ට උදව් කරන්න ගිහින් රවී අමාරුවෙ වැටෙන බව දන්න නිසා. එදා මම කියපු දේ අගමැතිතුමා ඇහුවා නම් අදත් රවී කැබිනට් එකේ ඉන්නවා. රවී කැබිනට් මණ්ඩලයේ සිටිය යුතු ම පුද්ගලයෙක්” යනුවෙන් ජනාධිපතිවරයා කැබිනට් මණ්ඩලය හමුවේ ප්‍රකාශ කර ඇත.

එසේම ඊයේ ජනාධිපතිවරයා කැබිනට් මණ්ඩලයේදී තමන් කළ ප්‍රකාශ පටිගත කිරීමේ යන්ත්‍රයකින් පටිගත කරගෙන තිබේ. “මම කියන දේවල් මේ ගොල්ලෝ එළියට ගිහින් මාධ්‍යයට කියන්නේ කරුණු විකෘති කරලා. ඒනිසා මම කිව්වේ මොකද්ද කියලා පෙන්නන්න මම මේක රෙකෝඩ් කර ගන්නවා” යැයි පවසමින් ජනාධිපතිවරයා තම ප්‍රකාශ පටිගත කරගෙන ඇත.

Related posts

කපා කොටා ඝාතනය කළ කතකගේ මළ සිරුරක් නිවසකින් හමුවෙයි

Admin

ඕස්ට්‍රේලියාව දෙමළ ඊළම නිළ වශයෙන් පිළිගනී.. ජන සංගණනයකුත් අරඹයි.. ශ්‍රී ලංකා රජය නිහඩයි !

colombotoday

නාමල්ගේ ඔරලෝසුව ලක්‍ෂ 65යි ආසියාවේ ධනවත්ම පවුල රාජපක්‍ෂ පවුලයි- සුජීව සේනසිංහ

colombotoday

මහින්ද එලවා දැමූ නිසා හොදට ගියා.. ජාතිවාදයට දැන් ඉඩ ඇත්තේම නෑ – හෙළ උරුම සම සභාපති කරූ

colombotoday

මේ මොහොතේ පක්ෂ නායකත්වයේ වෙනසක් අවශ්‍ය නෑ – ඇමති අකිල විරාජ්

colombotoday

මධ්‍යම අධිවේගී මාර්ගය ඉදි කිරීමේදී සිදුකල මගඩි රැසක් එලියට

colombotoday