Colombo Today Local News

මුස්ලිම් කඩ ගිනිතැබීම : රට නොමග යවන පොලිස් ප්‍රකාශ ගැන බොදු බලෙන් නිවේදනයක් (Video)

පසුගිය සමයේ රට තුළ සිදු වූ සෑම ආගමික ගැටුම්කාරී සිදුවීමක්ම බොදු බල සේනාවේ සහ, ඥාණසාර හිමියන්ගේ ගිණුමට බැර කරමින් උන්වහන්සේ අත්අඩංගුවට ගැනීම සාධාරණීකරණය කිරීම ආණ්ඩු පාර්ශවය මෙන්ම ඇතැම් මාධ්‍ය ආයතනය කටයුතු කරමින් සිටින බව බොදු බල සේනා සංවිධානය පවසනවා.

කොළඹ මුස්ලිම් වෙළදසැල් කිහිපයක් ගිනි තැබීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයා ඥාණසාර හිමියන් සමග සමීප සබදතා පැවැත්වූ, බොදු බල සේනා සංවිධානයේ ක්‍රියාකාරී සාමාජිකයෙකු යැයි පොලීසිය විසින් කළ ප්‍රකාශය තරයේ ප්‍රතික්ශේප කරමින් නිවේදනයක් නිකුත් කර ඇති එහි ප්‍රධාන විධායක නිලධාරී දිලන්ත විතානගේ මහතා මේ බව පවසයි.

තම සංවිධානයට අනන්‍ය වූ සාමාජිකයන් බදවා ගැනීමේ ක්‍රියාවලියක් නොමැති බවත්, බොදු බල සේනා සංවිධානය විසින් පසුගිය සමයේ සංවිධානය කළ රැස්වීම්වලට ලක්ෂ 4කට අධික පිරිසක් සහභාගී වී තිබෙන බවත්, ඒ සෑම දෙනාම සංවිධානයේ සාමාජිකයන් නොවන බවත් විතානගේ මහතා අවධාරණය කරයි. එබැවින් එවැනි පුද්ගලයන් සිදු කරන හුදෙකලා සිදුවීම් තම සංවිධානයේ ගිණුමට බැර කිරීම තරයේ ප්‍රතික්ෂේප කරන බවද ඔහු අවධාරණය කරයි.

බොදු බල සේනා විශේෂ නිවේදනය – වීඩියෝව පහතින්

[fbvideo link=”https://www.facebook.com/OfficialBoduBalaSena/videos/1465399863480036/” width=”500″ height=”400″ onlyvideo=”1″]

Related posts

මුතුරාජවෙල ඉඩම් කොටසක් විදුලිබල මණ්ඩලයට පවරයි

colombotoday

රනිල් ආසියානු සංවර්ධන බැංකුවට

Admin

විශ්වවිද්‍යාල වසා තැබුණ ද සිසුන්ට මහපොළ ගෙවීම දිගටම

colombotoday

රත්මලානේදී හෙරොයින් සමග අයෙක් අත්අඩංගුවට

colombotoday

වරාය සේවකයින් අඛණ්ඩ වැඩ වර්ජනයක් අරඹයි

colombotoday

රත්නපුරේට කොරෝනා භීතිකාව මොහොමඩ් උම්රිඩ් නිසයි. STF එකටත් හොරෙන් කට්ටි පැනලා.

colombotoday