Colombo Today Local News

‘යහපාලනයෙන්‘ බේරාගන්න, මාදුරුඔය ඉහළ රක්ෂිතයේ ගස් මහණ කරයි !

උක් වගා කිරීමේ මුවාවෙන් සිංගප්පූරුවේ ගැසල් වෙන්චස් සමාගමට ඌවේ ඉඩම් අක්කර 62,500ක් ලබාදීමට විරෝධය පල කරමින් ඌව වෙල්ලස්ස ජන අයිතීන් සුරැකීමේ ජනතා පෙරමුණ ජාත්‍යන්තර පරිසර දිනය යෙදී තිබූ පෙරේදා (05) දිනයේදී දැවැන්ත විරෝධතා මාලාවක් පවත්වා තිබේ. එහිදී විරෝධතා පාගමනක්, රුක් රෝපන වැඩසටහනක් හා රක්ෂිතයේ ගස් පැවිදි කිරීමේ වැඩසටහනක්ද සංවිධානය කර තිබීම විශේෂත්වයක් විය.

සිංගප්පූරු සමාගමේ කර්මාන්ත ශාලාවට මුල්ගල් තැබීමේ උත්සවයක් ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන්  (5) පැවැත්වීමට නියමිතව තිබුනද ප්‍රදේශයේ ජනතාවගෙන් එල්ල වූ විරෝධය හමුවේ එය අවලංගු කිරීමට ජනාධිපතිවරයාට සිදු විය.

පරිසර යුක්ති කේන්ද්‍රය, සොබාදහම පිළිබඳ ක්‍රියාකාරී බෞද්ධ සහයෝගිතාව ඇතුළු ස්වේච්ඡා සංවිධාන සහ පරිසර සංවිධාන ගණනාවක් මේ ගස් මහණ කිරීමේ වැඩසටහනට එක්විය.

ජනාධිපතිවරයා විසින් පරිසර විනාශයකට පරිසර දිනයේම මුල් ගල තබමින් ලෝක වාර්තාවක් තැබීමට ගිය බවත් ජනතාවගේ විරෝධය හමුවේ ජනාධිපතිවරයාට පසුබැසීමට සිදුවූ බවත් ඌව වෙල්ලස්ස ජන අයිතීන් සුරැකීමේ ජනතා පෙරමුණේ කැදවුම්කරු ජවිපෙ ඌව පළාත් සභා මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න මහතා පවසයි.

වෙල්ලස්ස, බින්තැන්න සහ නැඟෙනහිර යන තෙපළාතේ ප්‍රධාන සංඝනායක බිබිල නාගල රජමහ විහාරාධිපති බදුල්ලගම්මන සිරිසුමන හිමි, සුදුවන්නිලෑඇත්තන් ඇතුළු රතුගල සහ පොල්ලෙබැද්ද වැදි නායකයන්,  හේමන්ත විතානගේ මහතා ඇතුළු පරිසර සංවිධාන සහ ස්වේච්ඡා සංවිධාන ප්‍රධානීහු ඇතුළු ප්‍රදේශවාසීහු එක්දහස් පන්සීයකට අධික පිරිසක් මේ අවස්ථාවට සහභාගි වූහ.

මාදුරුඔය ඉහැත්තෑව වන රක්ෂිතයෙන් අක්කර හැටපන්දහසක් කපා එළිපෙහෙළි කිරීමෙන් බදුල්ල, මොනරාගල, අම්පාර ආදී දිස්ත්‍රික්කවල ජනතාවට අහිතකර පාරිසරික සහ දේශගුණික විපර්යාසයන් රැසකට මුහුණදීමට සිදුවනු ඇතැයි පරිසර යුක්ති කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ හේමන්ත විතානගේ මහතා පවසයි.

Related posts

ගෝඨා අල්ලන්නැයි සිංගප්පූරු නීතිපතිට අපරාධ පැමිණිල්ලක්

colombotoday

ඉක්මනින් පාර්ලිමේන්තුව කැඳවන්න. ඇමෙරිකාවෙන් නැවතත් ජනපතිට බලපෑම්.

colombotoday

අසත්‍ය පතුරුවන්නන් ගැන මැතිවරණ කොමිෂන් සභාවේ අවධානය

colombotoday

කොසොල් රජතුමා දුටු සීන දාසැය – දෙමළ බෙදුම්වාදය මතවාදයෙන් පැරදවීම: ලිපි මාලා අංක 2

colombotoday

බැදුම්කරය ගැන රවීගේ විශේෂ ප්‍රකාශය අද..

colombotoday

ඉස්ලාම් ආගම අතහැරගිය මුස්ලිම් පිරිසක් කොළඹදී සංවිධානගත වෙයි !

colombotoday