Colombo Today Local News

ආපදාවන්ට ලක්වූ පාසල් රැසක් අද සිට යළි විවෘතයි

ආපදා තත්ත්වය හේතුවෙන් වසා දැමුණු බස්නාහිර පළාතේ සියලු පාසල් අද විවෘත කෙරෙනවා.

සබරගමුව පළාතේ වසා ඇති පාසැල් අතුරින් රත්නපුර දිස්ත්‍රික්කයේ පාසල් 14 ක් හෙට දිනයේ විවෘත කෙරෙන අතර සෙසු සියලු ම පාසල් අද විවෘත කරන බව පළාත් අධ්‍යාපන ලේකම් මහින්ද එස්. වීරසුරිය මහතා සඳහන් කළා.

ඇලපාත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පලාවෙල දෙමළ , වේරගම සුනන්ද සහ පලාවෙල ප්‍රාථමික යන විද්‍යාලයන් ද, අයගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ සිංහලගොඩ, පිඹුර, විතානගම, අයගම ධම්මානන්ද ප්‍රාථමික, පල්ලේකඩ, ගලතුර යන විද්‍යාලයන් සහ අයගම රාහුල ම.ම විද්‍යාලය ද, නිවිතිගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ කිරිබත්ගල, පාරවත්ත දෙමළ සහ පෑබොටුව යන විද්‍යාලයන් ද, කලවාන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ කලවාන දෙමළ විද්‍යාලය ද යන විද්‍යාලයන් හෙට විවෘත කෙරෙනු ඇති.

මේ අතර මාතර දිස්ත්‍රික්කයේ පාසල් බහුතරයක් අද විවෘත කෙරෙන අතර ආපදා මධ්‍යස්ථාන ලෙස පවත්වාගෙන යන පාසල් හා හානි වූ පාසල් අද විවෘත කෙරෙන්නේ නැහැ.

Related posts

“රට පාලනය කරන හැටි අපි හොදට දන්නවා.. උපදෙස් ඕන නෑ” – මංගල මහින්දට කියයි

colombotoday

නියෝමාල් රංගජීව හා එමිල් රන්ජන් තවදුරටත් රක්‍ෂිත බන්ධනාගාර ගත කෙරේ

colombotoday

‘සොජිට්ස්’ බලාගාරය අක්‍රීය වෙයි. ඉන්ධන නෑ

colombotoday

විදුලි ගාස්තු අසීමිතව ඉහළට

colombotoday

වැඩි කළ ලිට්‍රෝ ගෑස් මිල යළි අඩු කරයි – අලුත්ම මිල ගණන් මෙන්න

colombotoday

අද රාත්‍රී 8ට පෙර අධිකරණයට භාර වන්නැයි ජොන්ස්ටන්ට අභියාචනාධිකරණයෙන් නියෝග..

colombotoday