Colombo Today Local News

ගංවතුරෙන් මියගිය ගණන 300 වැඩියි… අපේ පෙර සූදානම නොවෙන්න 1000කට වඩා මිය යනවා

මෙවර ප්‍රදේශ කිහිපයකටම බලපා ඇති ගංවතුර තත්වය දෙවෙනි වන්නේ 2004 සුනාමි ව්‍යවසනයට පමණක් බව ,අමාත්‍ය මහින්ද අමරවීර පවසයි.ඊයේ රාත්‍රියේ විකාශයවූ බලය දේශපාලන වැඩසටහනට එක් වෙමින් ඔහු මේ බව කියා සිටියේය.

මීට පෙරද ගංවතුර ,නාය යෑම් වාර්තා වුවද මෙවැනි ආකාරයේ ගංවතුරක් වාර්තා වූයේ 2017 දී බව අමාත්‍යවරයා පෙන්වා දුනි. ඇතැම් ප්‍රදේශ සදහා මි.මි 500 සහ 600 ඉක්මවු ධාරානිපාත වර්ෂා කෙටි කාලයක් තුළ ඇද හැළුණු බවත් එවැනි තත්වයක් තුළදී මේ ආකාරයේ ව්‍යවසනයක් ඇති වීම සාමාන්‍ය බවද අමාත්‍යවරයා පෙන්වා දුනි. මේ අවස්ථාවේ රටක් ලෙස සියළු දෙනා එකට එක්වී මේ ව්‍යවසනයෙන් ගොඩ ඒම සදහා කටයුතු කල යුතු බවද ඔහු පැවසීය.

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා ,

“මේ මරණ සංඛ්‍යාව මේ තරම් අඩු වුණේ කොහොමද කියන එක ගැන කියන්න ඕන.ආපදා කළමණාකරණ අමාත්‍යාංශය ,ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය ඇතුළු ආයතන ත්‍රිවිධ හමුදාව යුද්ධයෙන් පසු අපි හුරු කළා මේ වගේ විපතක් ඇති වුණාම ජනතාව මුදවා ගන්නේ කොහොමද කියලා.ඒ වගේම ගම් මට්ටමෙන් අපි ආපදා කළමණාකරණ කමිටු පිහිට වූවා.ජිවීත ආරක්ෂා කර ගන්නේ කොහොමද කියලා අපි තරුණයන් පුහුණු කෙරෙව්වා.ඒ ආශ්‍රිත වැඩ සටහන් කිහිපයක් නිසා තමා මේ මරණ සංඛ්‍යාව අඩු කරන්න පුලුවන් වුණේ.අපි හිතනවා 300 ක් පමණ මිය ගොස් ඇති කියලා.මොකද මෙච්චර දවසක් අතුරුදන් වෙලා ඉන්න විදියක් නෑ නේ.මම හිතන විදියට ඒ අයගේ ජිවීත දැන් නෑ.ඒ වගේම බරපතල තත්වයේ ඉන්න කිහිප දෙනෙකුත් මේ වන විටත් රෝහල් තුළ ප්‍රතිකාර ලබනවා.සමහරවිට මේ ව්‍යවසනයෙන් මිය ගිය පිරිස 300 ඉක්මවා යන්නත් පුළුවන්. මගේ අත්දැකීම් එක්ක අපි තුළ පෙර සූදානමක් නොතිබුණා නම් 1000 කට වඩා මිනිස් ජිවිත නැති වෙන්න තිබුණා මේ ව්‍යවසනය නිසා . “

Related posts

ඇමති විජේදාස සිවිල් සමාජ මහාචාරියගේ හිවල් වත ගලවයි.. වැටි වැටී දුවන්නම දෙයි

colombotoday

අල්ලස් අරන් මාට්ටු වූ ලොක්කන් දෙදෙනාට අධිකරණය අද දුන් තීන්දුව

colombotoday

20 සම්මත වුනොත් රට තුළ බලවත් විරෝධතා ඇතිවෙනවා – පාඨලී චම්පික

colombotoday

“අන්තවාදියෝ, කුමන්ත්‍රණකාරයෝ…“ සාලිට, බදුර්දීන්ට ජනපති කාර්යාලයෙන් දොස් !!

colombotoday

පොම්පියෝ නෙමෙයි ඊට වඩා ලොක්කෙක් ආවත් දැන් රට පාවා දෙන්නේ නෑ

colombotoday

සුව ඇමතිට සම්මානයක්

colombotoday