Colombo Today Local News

ජාතිවාදී – ආගම්වාදී ක්‍රියා මැඩලීමේ බලය පොලිස් ඕ.අයි.සීලාට

ජාතිවාදී ආගම්වාදී මුවාවෙන් රටේ විවිධ ප්‍රදේශවල මෙම දිනවල සිදුවන ක්‍රියාවන් මැඩ පැවැත්වීම සඳහා නීතිය ක්‍රියාත්මක කිරීමේ බලය එම ප්‍රදේශවල පොලිස් ස්ථානාධිපතිවරුන්ට පැවරීට කැබිනට් මණ්ඩලය තීරණය කළ බව පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ඉඩම් අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පාර්ලිමේන්තු සංකීර්ණයේ අද(23) පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය.

එවැනි ජාතිවාදී ආගම්වාදී කිසිදු ක්‍රියාවක් රජය කිසිසේත් අනුමත නොකරන බව කී ඇමැතිවරයා ඒ පිළිබඳව ජනපති අගමැති ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය විශේෂ අවධානය යොමු කළ හෙයින් අද පැවැති කැබිනට් මණ්ඩලයේ දී මෙම තීරණය ගත් බව පැවසීය.

අමාත්‍යවරයා කියා සිටියේ රටේ නීතිය කිසිදු භේදයකින් තොරව සැමටම එකසේ ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කළ බවයි.

ඇමැතිවරයා මෙසේද කීය.

‘‘අද පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමේ දී විවිධ සංවිධාන හෝ පුද්ගලයන් විසින් මේ දිනවල රටේ තැනින් තැන සිදුකරන විවිධ ක්‍රියාවන් පිළිබඳව අවධානය යොමු කළා. ජාතිවාදී ආගම්වාදී විවිධ මුවාවෙන් නිතර නිතර රටේ කොහේ හෝ ප්‍රදේශයක යම් සිදුවීමක් ඇති කරන බව අපට දක්නට ලැබී තිබෙනවා.

ඒ පිළිබඳව ජනාධිපතිතුමා අගමැතිතුමා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලයේ විශේෂ අවධානය යොමු කළා. මේ සිදුවීම් කිසි ලෙසකින්වත් රජය අනුමත කරන්නේ නෑ. රටේ නීතිය කාටත් එක සමානව ක්‍රියාත්මක කළ යුතුයි. කිසිදු භේදයකින් තොරව රටේ නීතිය කාටත් එක සමානයි. ඒකට දේශපාලන ලොකු පොඩි භේද ආගම් ජාති කුලමල හෝ වෙනත් කිසිම භේදයක් බලපාන්නේ නැහැ. ඒ අනුව ක්‍රියාත්මක වන ලෙස නීතිය හා සාමය පිළිබඳ ඇමැති පොලිස්පතිවරයාට උපදෙස් දී තිබෙනවා‘‘.

Related posts

කොරියාවෙන් ගේන සල්ලි වියදම් කරන හැටි කියා දෙන්න තලතාගෙන් ක්ලාස් එකක්

colombotoday

විදුලි බලාගාර වලට ගල්අඟුරු ගන්න මුදල් ඉල්ලයි

Admin

මෙරට හමුදාව සිවිල් කටයුතු සඳහා අනවශ්‍ය මැදිහත්වීමක් සිදුකර නැහැ

colombotoday

(Video) ඉතිහාසයේ ලොකුම හොරකම ඉදිරියේ හීන් කෙදිරියක් පමණක් නගා නිහඩව සිටය හැකිද?

colombotoday

කොල්ලුපිටිය අපරාධ අංශයේ ස්ථානාධිපති හදිසියේ මිය යයි

colombotoday

ආණ්ඩුවේ සිටින ඇතමුන් අගේ ඉදන් කන කනවා, ඩිලානුත් එහෙමයි – පාලිත රංගේ බණ්ඩාර

colombotoday