මෙම වසර අවසන් වීමට ප්‍රථම අනිවාර්යයෙන්ම ජල ගාස්තු ඉහළ දැමීමට පියවර ගන්නා බව නාගරික සංවර්ධන හා ජල සම්පාදන ඇමැති රවුෆ් හකීම් මහතා පැවැසීය.
මණ්ඩලයේ පිරිවැය පියවා ගැනීමට හා අලුතින් ව්‍යාපෘති ආරම්භ කිරීමට මිල ඉහළ දැමීමට අනිවාර්ය බවද හෙතෙම පැවසීය.
මීට පෙර මිල ඉහළ දැමීමට අදාළව නිකුත් කළ ගැසට් නිවේදනයේ සඳහන් මිල වැඩි කිරීමේ ප්රමාණයන්ට වඩා අඩු ප්‍රමාණයකින් මිල ඉහළ දමන බවද මහනුවර පැවැති උත්සවයකදී ඇමැතිවරයා පැවසීය.