Colombo Today Local News

මුස්ලිම් ඇඳුමින් බස් නැවතුමේ සිටි කාන්තාව මහනුවර පොලිසියේදී පිරිමියෙක් වෙයි

මහනුවර ගුඩ්ෂෙඩ් බස් නැවතුමේ ඉකුත් 02 දින රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරීන්ගේ ඇස බොහෝ වෙලාවක් රැඳී සිටි මුස්ලිම් ජාතික කාන්තාවක් වෙත යොමුව ඇත්තේ ඇයගේ හැසිරීමේ රටාව සැක සහිත වී ඇති බැවින්.

හිස මෙන්ම ශරීරයද සම්පුර්ණ වැසෙන ආකාරයෙන් සම්ප්‍රදායික මුස්ලිම් කතක් අයුරින් සැරසි සිට ඇති ඇය බස් නැවතුමේ ගමන් ගන්න මගින් දෙස මෙන්ම බස් රථවලින් බැස යන මගින් දෙසද මහත් උවමනාවෙන් අවධානය යොමු කිරීම සම්බන්ධයෙන්ද පොලිස් නිලධාරීන් පැය 02 කට අධික කාලයක් තම අවධානය යොමු කර ඇත.

එම කාන්තාව පිලිබඳ සැක සිතූ පොලිස් නිලධාරීන් ගුඩ්ෂෙඩ් බස් නැවතුම වෙත කාන්තා පොලිස් නිලධාරිනියක් කැඳවා මෙම කාන්තාවගේන් ප්‍රශ්න කිරීමට සූදානම් වූ අවස්ථාවේ කලබල වූ කත ධාවනය වෙමින් පැවති බස් රථයකට ගොඩවී පළා යාමට උත්සහ කලද පොලිස් නිලධාරීහු බස් රථය නවත්වා ඇය තම භාරයට ගෙන තිබේ.

මෙම කාන්තාව මහනුවර මූලස්ථාන පොලිස් ස්ථානය වෙත රැගෙන විත් කාන්තා පොලිස් නිලධාරිනියක් යොදවා සෝදිසි කිරීමේදී හෙළිව ඇත්තේ මුස්ලිම් කාන්තාවක් ලෙස වෙස් වලාගෙන සිට ඇත්තේ පුරුෂයෙකු බවයි.

ප්‍රශ්න කිරීමේදී හෙළිව ඇත්තේ මොහු 27 හැවිරිදි විවාහක එක් දරු පියෙකු බවය. මහනුවර මයිලපිටිය ප්‍රදේශයේ පදිංචි මොහුගේ 26 හැවිරිදි බිරිඳගේ අනියම් සම්බන්ධතාවයක් හසු කර ගැනීම සඳහා කාන්තාවකගේ වෙස් ගෙන ගුඩ්ෂෙඩ් බස් නැවතුමට වී බලා සිටි බවද මොහු පොලීසියට පවසා ඇත.

මයිලපිටියේ පදිංචි මෙම පුද්ගලයාගේ බිරිඳ ගම්පොල ප්‍රදේශයේ ආයතනයක රැකියාව කරන අතර ඇය එහි සේවය කරන තරුණයෙක් සමඟ අනියම් සබඳකමක් ඇති කර ගැනීමෙන් පවුලේ ප්‍රශ්න ඇතිවූ බවද සේවය නිමවී ඇය තම පෙම්වතා සමඟ පැමිණෙන තෙක් ගුඩ්ෂෙඩ් බස් නැවතුමේ රැඳී සිටි බවද කිසිවෙකුට හෝ සැක නොසිතෙන පරිදි මුස්ලිම් කාන්තාවකගේ වෙස් ගත් බවද අත්අඩංගුවට පත් තරුණයා පොලීසියට පවසා තිබේ.

මහනුවර මුලස්ථාන පොලීසියේ ජංගම මුර සංචාර ඒකකය හා හසිදී ඇමතුම් අංශය මගින් සැක කටයුතු පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇති අතර මුලස්ථාන පොලිස් ස්ථානාධ්පති ප්‍රධාන පොලිස් පරීක්ෂක උපාලි නාරම්පනාව මහතාගේ උපදෙස් මත සිද්ධිය පිළිබඳව පරීක්ෂණ පැවැත්වේ.

Related posts

අටමස් බිලිදා ගසක් යට තබා සූදු කෙළි අම්මා

colombotoday

ඊ නිව්ස් සඳරුවන් ලංකාවට පිටුවහල් කරන්න. බ්‍රිතාන්‍ය මහකොමසාරිස්ගෙන් ජනපති සිරිසේන ඉල්ලයි

colombotoday

සමුළුවට ආවේ නැත්නම් 05ක් එළියට – මහින්දත් ඒ අතරට…!

colombotoday

රාමඤ්ඤ නිකායේ උප සභාපති මමයි-විජිත හේරත් කියයි

Admin

අවසන් සටනේ දී කොටි සිවිල් වැසියන් සමූල ඝාතනය කරලා – පරණගම කොමිසම සාක්ෂි සහිතව තහවුරු කරයි.

colombotoday

මාවිල්ආරු සටනේ යුධ වීරයා මේජර් ජනරාල් නන්ද මල්ලවආරච්චිට ඇප.

colombotoday