Colombo Today Local News

රටම එකතැන නවතී.. වෘත්තීය සමිති 160ක් එක්ව දැවැන්ත වර්ජනයකට සැරසෙයි!

මාලඹේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහිව දීපව්‍යාප්ත එක්දින වැඩ වර්ජනයක නිරතවීමට තීරණය කර ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

ඒ අනුව ලබන මැයි මස 03 සහ 05 අතර දිනකදී මෙම වැඩවර්ජනය ක්‍රියාත්මක කරන බව එම සංගමය පෙන්වා දෙයි.

සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය සම්බන්ධයෙන් උද්ගතව ඇති තත්ත්වය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ඊයේ(27) රැස්වූ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මධ්‍යම කාරක සභා රැස්වීමේදී මෙම තීරණය ගෙන තිබේ.

ක්‍රියාත්මක කිරීමට නියමිත වැඩවර්ජනය සඳහා වෙනත් වෘත්තීය සමිති කිහිපයක් ද මේ වන විට සහය පළ කර ඇති අතර මැයි මස 09 වනදා වන විට රජය මෙම ගැටළුව සඳහා සාධනීය විසඳුමක් ලබා නොදුන්නහොත් අඛණ්ඩ වර්ජනයක් ක්‍රියාත්මක කිරීමට සිදුවන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කළේය.

මේ සඳහා වෘත්තීය සමිති 160ක් පමණ සහභාගී වන බයි සඳහන් වෙයි.

Related posts

ගව ඝාතනය තහනම්.. අගමැතිගේ යෝජනාව ඒකමතිකව සම්මතයි

colombotoday

පාසල් සිසුන්ට නිල ඇඳුම් රෙදි චීනයෙන්

colombotoday

ජනපති තීරණයට එරෙහි පෙත්සම් විභාගය හෙටට කල් දමයි !

colombotoday

මහ බැංකුවෙන් විශේෂ දැනුම් දීමක්

colombotoday

බන්ධනාගාර රැඳවියෙක් රාගම රෝහලේදී පලා යයි

Admin

NGO නඩයක් කොළඹට එකතු වෙයි… ජනපතිට විරෝධය පා ජාතික ගීය දෙමළෙන් කියයි !

colombotoday