Colombo Today Local News

යහපාලන පොරොන්දු ඉටු කළා නම් මෙහෙම වෙන්නේ නැහැ – පාටලී චම්පික රණවක

පළාත් පාලන  මැතිවරණ ප‍්‍රතිඵලය මගින් පෙනී යන්නේ, 2015 ජනාධිපතිවරණයේදී පොරොන්දු වූ යහපාලනය, ජනතාවට දැනෙන අයුරින් ස්ථාපිත කිරීමට රජයක් ලෙස අප අපොහොසත් වී ඇතැයි  රටේ මහජනතාවගෙන් බහුතරයක් විශ්වාස කරන ජාතික හෙළ උරුමය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.  ජනතාවගේ කැමැත්ත මත පදනම්වන සහ ජනතාවට වගකියන ප‍්‍රජාතන්ත‍්‍රවාදී රජයක් හැමවිටම ජනතාවගෙන් ලැබෙන ප‍්‍රතිචාර, සාධනීය ලෙස භාර ගත යුතු බවයි ජාතික හෙළ උරුමය අවධාරණය කරන්නේ.  එසේම ඒවාට උචිත ලෙස ක‍්‍රියාත්මක වීමද කළ යුතු අතර ඒ අනුව, මහජනතාව සහ මෙම අවස්ථාව විසින් ඉල්ලා සිටින ප‍්‍රතිපත්තිමය සහ ව්‍යුහාත්මක ප‍්‍රතිසංස්කරණයන්ට යොමුවීම රජයට සම්බන්ධ සියලුම පාර්ශ්වයන්හි වගකීම බව එම පක්ෂය පවසයි.
කෙසේවෙතත්, 2015 වර්ෂයේදී විශාල මහජනතාවක් අපේක්ෂා සහගතව ආණ්ඩුව වටා එක් වූ අතර  එසේම වසර තුනකට පසුව, රජයේ පාර්ශවයෙන් විවිධ අඩුපාඩුකම් සිදු වී තිබියදීත් විශාල ජනතාවක් ආණ්ඩුව  පිළිබඳව තවදුරටත් විශ්වාසය තබා ඇති බවද මෙවර මැතිවරණ ප‍්‍රතිඵල මගින් පෙන්නුම් බව ජාතික හෙළ උරුමය සඳහන් කරයි.
ඒ අනුව  පළමු ප‍්‍රමුඛතාව විය යුත්තේ එම ජනතාව බව පෙන්වා දෙන එම පක්ෂය අවධාරණය කරන්නේ  මෙම අභියෝගාත්මක අවස්ථාවේදී, එක්සත් ජාතික පක්ෂය ප‍්‍රමුඛ පෙරමුණට ජන්දය ලබා දුන් ජනතාව අත් නොහැර, ඔවුන්ගේ අපේක්ෂාවන් වෙනුවෙන් තවදුරටත් කටයුතු කිරීම  සියලු දෙනාගේම වගකීම සහ යුතුකම බවයි.
පළාත් පාලන මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය ප‍්‍රමුඛ දේශපාලන පෙරමුණට ජන්දය ලබා දුන් සියලු  ජනතාවට  ගෞරව පූර්වක ප‍්‍රණාමය ප‍්‍රකාශ කරන බවද ඔවුහු වැඩිදුරටත් සඳහන් කරති.

Related posts

නිදා සිටි යාචකයෙකුට පෙට්‍රල් දමා ගිනි තියලා

Admin

යහපාලන ආණ්ඩුව රුසියාවත් කෝප ගන්වා ගනී… ආණ්ඩුවට එරෙහි මෙහෙයුමක් ගැන මංගලගෙන් රුසියාවට චෝදනා

colombotoday

ජනපතිගේ ප්‍රකාශ නොසැළකේ.. “පුරුදු විදිහටම කරගෙන යන්න“ අගමැති FCID,CIDයට දන්වයි

colombotoday

ලක්ෂ 60ක මත්පෙති හා හෙරොයින් සමග පුද්ගලයෙක් අත්අඩංගුවේ

colombotoday

පෞ. සමාගමකට අයත් ගුවන් යානයක් හදිසියේ ම කිඹුලාපිටියට ගොඩ බායි

colombotoday

ඇමති විජේදාස රැකගන්න ත්‍රෛනිකායික මහ සඟරුවන පෙරට එයි.. අද විශේෂ සාකච්ඡාවක් !

colombotoday