Colombo Today Local News

වරපලාන විහාරස්ථානයක හිමි නමකට ප්‍රහාරයක් – තුවාල ලබා රෝහල් ගත කරේ

වරපලාන ශ්‍රි ජිනේන්දාරාම විහාරස්ථානයේ වැඩසිටි හැවනිවල චන්ද්‍ර ජෝති ස්වාමීන්වහන්සේට ඊයේ (11) විහාරස්ථානයේ දී නාදුනන පුද්ගලයන් දෙදෙනෙකු සිඳු කළ පහරදීමකින් තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි මල්වතු හිරිපිටිය පොලිසිය කියයි.

මුහුණු ආවරණය කරගෙන පැමිණි ප්‍රහාරකයින් ස්වාමීන්වහන්සේගේ සිවූර ඉරා පුටුවක ගැට ගසා මෙම පහර දීම සිඳුකර ඇති බව පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.

ප්‍රහාරය සිඳු කර ඇත්තේ දේශපාලන පක්ෂයක ක්‍රියාකාරීන් බවට හදුනාගෙන ඇති බව පැවසේ.

ප්‍රහාරට ලක් වූ ස්වාමීන්වහන්සේ ගම්පහ රෝහලට ඇතුලත් කොට තිබේ.

සිද්ධිය සම්න්ධයෙන් මල්වතු හිරිපිටිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිඳු කරයි.

Related posts

මරණ දණ්ඩනය අහෝසි කිරීමේ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට

colombotoday

අපිට ආර්ථික ඝාතකයො නෑ.. මොන බාධක ආවත් ආර්ථිකය ගොඩ දාලයි පස්ස බලන්නේ

colombotoday

නැගෙනහිර පුරාවස්තු රකින්න ජනාධිපති කාර්ය සාධක බලකායක්. ප්‍රධානීත්වය ආරක්ෂක ලේකම්වරයා.

colombotoday

රියදුරු බලපත්‍රහිමියන්ට විශේෂ පණිවුඩයක්

colombotoday

අපිට යුක්තිය කෙහෙළියට මුට්ටිය… ප්‍රතිජීවක ඖෂධ වංචාව ලක්‍ෂ 9400 යි

Admin

මෙවර මැතිවරණයේ ඡන්ද ගණන් කිරීමේ කටයුතු අගෝස්තු 6

colombotoday