Colombo Today Local News

ඇවන්ගාඩ් නඩුව කල් යයි – ගෝඨාගේ තහනම ඉවතට

gota

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු හත්දෙනෙකුට එරෙහිව විදෙස්ගවීම වලක්වාලමින් ලබාදී තිබූ තහනම ඉවත් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා අද (01) නියෝග කළේය.

රජයේ නීතීඥවරයා මේ සම්බන්ධයෙන් විරෝධතාවයක් නොදැක්වූ අතර ඒ අනුව අදාළ නියෝගය ලබාදුන්නේය.

ලබන වසරේ පෙබරවාරි මස 13 වැනිදා මේ නඩුව යළි කැඳවීමට නියමිතය.

ඇවන්ගාඩ් සමාගමට පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යාමට අවසර ලබාදීම තුළින් රුපියල් බිලියන 11.4 ක මුදලක් රජයට පාඩු කළ බව පවසමින් හිටපු ආරක්ෂක ලේකම්වරයා ඇතුලු අටදෙනෙකුට අල්ලස් කොමිසම මේ නඩුව පවරා තිබේ.

මෙම නඩුවේ දෙවැනි විත්තිකාරිය අධිකරණය හමුවේ අද පෙනී නොසිටි අතර ඊට හේතු දක්වමින් වෛද්‍ය වාර්තාවක්ද ඉදිරිපත් කර තිබුණා.

 

Related posts

සිමෙන්ති මිල යළි ඉහළ යයි

colombotoday

මාවනැල්ල බුදුපිළිම කැඩීමේ සිද්ධියේ සැකකරුවන් තවදුරටත් රිමාන්ඩ්

colombotoday

නව රාජ්‍ය තාන්ත්‍රිකයින් 17 ක් අක්තපත්‍ර භාර දෙයි

colombotoday

ගෝඨාගේ පුරවැසිකම ප්‍රශ්න කරා ඇති, තවත් නාන්න බෑ – සජිත් පිළේ මත ගැටුම්

colombotoday

බන්ධනාගාර රැඳවියන් බැලීමට අමුත්තන්ට අද සිට අවසර

colombotoday

උඩවලව ජලාශයට නිකුත් කරන ජල ප්‍රමාණය අද සිට අඩු කෙරේ..

Admin