Colombo Today Local News

ලේ බැංකුවෙන් විශේෂ දැනුම්දීමක්

ඉදිරි අවදානම සලකා ලේ පරිත්‍යාග කරන ලෙස ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානය පරිත්‍යාගශීලීන්ගෙන් ඉල්ලීමක් කරයි.

එහි අධ්‍යක්‍ෂ වෛද්‍ය ලක්‍ෂමන් එදිරිසිංහ පැවැසුවේ පවතින සංචරණ සීමා සමග ලේ රැස් කිරීම සඳහා ජංගම සායන පැවැත්වීම පුද්ගල කණ්ඩායම් රැස් කිරීම අවදානම් බැවින් පරිත්‍යාගශීලීන්ගෙන් ලේ රැස් කිරීමට විශේෂ වැඩපිළිවෙළක් ආරම්භ කළ බවයි.

පිළිකා රෝගීන්, තැලසීමියා, ලියුකේමියා රෝගීන්, හදිසි අනතුරුවලින් බරපතළ තුවාල ලබන රෝගීන්, හදිසි ශල්‍ය කර්ම සඳහා යොමු කෙරෙන රෝගීන්, දරු ප්‍රසූතිය සඳහා සූදානම් වන මවුවරුන් සඳහා නොඅඩුව ලේ සැපයීමට ලේ රැස් කර ගතයුතු බව අධ්‍යක්‍ෂවරයා පැවැසීය.

ගැබිනි මව්වරුන් දහසක් පමණ මාසිකව දරු ප්‍රසූතියේදී ලේ වහනය වන බැවින් ලේ අවශ්‍යතාව පූර්ව සූදානම් කර තබා ගතයුතු බවද පැවැසූ ඔහු ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ ලේ හිඟය ගෙවුණු සති අන්තයේදී පරිත්‍යාගශීලීන් එක්ව හිඟය පියවා තිබෙන බව පැවැසීය.

දිවයින පුරා ලේ ඒකරාශී කිරීමේ මධ්‍යස්ථාන 87ක් පවත්වාගෙන යන බව කී වෛද්‍ය ලක්ෂමන් එදිරිසිංහ ජාතික රුධිර පාරවිලන මධ්‍යස්ථානයේ ක්‍ෂණික දුරකථන ඇමතුම අමතා කලින් දිනයක් සහ වේලාවක් වෙන් කර ගෙන ලේ පරිත්‍යාග කිරීමට එක්වන ලෙසත් පවතින කොවිඩ් අවදානම සලකා සෞඛ්‍යාරක්‍ෂිතව ලේ පරිත්‍යග කිරීමට අවස්ථාව සකසා තිබෙන බවත් සඳහන් කළේය.

Related posts

එජාපයෙන් අපිව පැන්නුවේ ආණ්ඩුවේ උපදෙස් අනුව සජිත්ගේ වර්ධනය දැක බයවෙලා

colombotoday

අස්වැසුම ප්‍රතිලාභ තුන් ගුණයකින් වැඩි කෙරේ…

Admin

සජිත් හා ආර්යාව උදේම ඡන්දය දමයි….

colombotoday

අලුත් ව්‍යවස්ථාවෙන් බුදුදහමට ප‍්‍රමුඛත්වයත්, ඒකීය රටත් අහෝසියි.. – වගන්ති අස්සේ සැගවූ වචන මෙන්න..

colombotoday

කටාර් අවුලෙන් ගුවන් ගමන් නවතී.. කටාර් රියාල් මාරු කිරීමත් ගුවන්තොටුපොළ බැංකු ප්‍රතික්ෂේප කරයි

colombotoday

ඉන්ධන ගෙන්වීමේදී සිදු වූ අක්‍රමිකතාවක් සොයන්න විමර්ශන අරඹයි

Admin