Colombo Today Local News

හමුදාවේ එහෙම කණඩායම් සිටියානම් මුලින්ම අත්අඩංගුවට ගත යුත්තේ ෆොන්සේකාවයි

හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතා ප්‍රකාශ කරන පරදි හමුදා බුද්ධි අංශයට සම්බන්ධ මැර කණ්ඩායම් ක්‍රියාත්මක වූයේ නම් මුලින්ම අත්අඩංගුවට ගත යුතු වන්නේ එවක හමුදාපතිවරයා වශයෙන් කටයුතු කල සරත් ෆොන්සේකා මහතා බව, හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

සති අන්ත පුවත්පතක් සමග පැවති සාකච්ඡාවකදී මාධ්‍යවේදියා ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් හිටපු ආරක්ෂක ලේකම්වරයා එසේ පැවසීය.

ප්‍රශ්නය- හිටපු හමුදාපති, ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාගේ චෝදනාව වන්නේ ඔබ යටතේ සිටි මේජර් ජෙනරාල් හෙන්දාවිතාරණ විසින් ලසන්ත ඝාතනය සඳහා කණ්‌ඩායමක්‌ යොමු කළ බවයි’

පිළිතුර – සරත් ෆොන්සේකා මේ කියන කතාව නිසාම ඔහුව අත්අඩංගුවට ගන්න ඕනේ. හෙන්දාවිතාරණ යටතේ හමුදාවේ පිරිසක්‌ සිටියා නම්, හමුදාපති ලෙස ඔහු ඒ සදහා වග කියන්න ඕනේ. එහෙම කට්‌ටියක්‌ ඉඳගෙන වැරදි වැඩක්‌ කරනවා නම් ඇයි ෆොන්සේකාට බැරි ඒක වහාම නවත්වන්න. ඒ අයට පරීක්‌ෂණයක්‌ පවත්වන්න. එහෙම පිරිසක්‌ හිටියා නම් ඒ අයව යළි කැඳවන්න ඔහුට බැරි වුණේ ඇයි…? හමුදාවේ සිටින සෑම කෙනෙක්‌ පිළිබඳවම හමුදාපති ලෙස ඔහු වගකියන්න ඕනේ…”

Related posts

කුරුණෑගල නගරාධිපතිගෙන් තවත් මොට්ට වැඩක්: රජ පීල්ල උද්‍යානයේ පෞරාණික මණ්ඩපය සහ වෘක්ෂ 32ක් බිල්ලට ගනියි.

colombotoday

පරිප්පු සහ සැමන් මිල අඩු කරයි

colombotoday

වර්ණසිංහට වැඩ බෑ… අමාත්‍යාංශය ලබන සතියේ මහ ඇමතිට

colombotoday

උත්සව සමයේ සතොස සහන මල්ල අලුත් වෙයි – භාණ්ඩ වර්ග 20ක්

colombotoday

දුර ගමන් සේවා දුම්රිය ධාවනය යළි ඇරඹේ.

colombotoday

මුදල් පනත් කෙටුම්පත තුන්වන වර කියවීම සංශෝධන සහිතව සම්මතයි

colombotoday