ඇමතිවරුන් හා රාජ්‍ය ඇමතිවරුන් 9 දෙනෙකු සදහා වාහන මිලදී ගැනීමට රුපියල් කෝටි 37ක් ඉල්ලා පරිපූරක ඇස්තමේන්තුවක් අද (24) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබීය.
පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය ඇමති ගයන්ත කරුණාතිලක මහතා මෙම ඇස්තමේන්තුව ඉදිරිපත් කරනු ලැබීය.
පසුගිය 7 වැනිදා ද ඇමතිවරුන් කිහිප දෙනෙකු සදහා වාහන මිලදී ගැනීමට අදාලව රුපියල් කෝටි 50කට අධික මුදලක් ඉල්ලමින් පරිපූරක ඇස්තමේන්තුවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබීය.