Colombo Today Local News

යාපනයේ හපනෙක් ශිෂ්‍යත්වයෙන් 198 ගනී

යාපනය කොක්කුවිල් හින්දු ප්‍රාථමික විද්‍යාලයේ තමිල්සෙල්වම් ගජලක්ෂන් සිසුවා මෙවර පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු 198 ක් ලබා ඉහළම සමත්ව තිබේ.

ශිෂ්‍යත්ව විභාගයෙන් ඉහල ලකුණු ලබාගත් ගජලක්ෂන් ශිෂ්‍යාගේ මව ගුරුවරියක් වන අතර,පියා ව්‍යාපාරිකයෙකු ලෙස කටයුතු කරනු ලබයි.

සිය ජයග්‍රාහණය සම්බන්ධයෙන් අදහස් දැක්වූ තමිල්සෙල්වම් ගජලක්ෂන් සිසුවා මෙසේ කීය,

මම මහත් සතුටට පත්වනවා මේ ලබාගත් ජයග්‍රහනය සම්බන්ධයෙන්. ජයග්‍රාහණය වෙනුවෙන් උපකාර කළ මාපියන්ට හා ගුරුභවතුන්ට ප්‍රථමයෙන් මා ස්තූතිය පිරිනමනවා.

පැවති කොවිඩ් වෛරස ව්‍යාප්තිය හේතුවෙන් ඉතා අසීරුවෙන් අධ්‍යාපන කටයුතු ගෙනගියේ. සූම් තාක්ෂණය හා අන්තර් ජාලය ඔස්සේ අධ්‍යයන කටයුතු ලබාගැනීමට කටයුතු කළ අතර පාසලේ අධ්‍යාපනය ලබාදුන් ගුරුවරුන්ගේ ඉහළ කැපකිරීමක් කොට තමන් ඇතුළු සහෝදර සිසුන්ට අධ්‍යාපනය ලබාදුන් බවද අනාගතයේදී තමන් ඉංජිනේරුවරයකු ලෙස ජනතාවට හා රටට සේවයක් කිරීමට බලාපොරොත්තු වන බවද ගජලක්ෂන් සිසුවා වැඩිදුරටත් සඳහන් කළේය.

Related posts

සූජීව ඇලෝසියස්ගෙන් ලක්ෂ 30 ක් අරන්… අධිකරණයේදී සියල්ල හෙළිවේ

colombotoday

මිරිස්සේ හෝටලයකදී හයිබ්‍රිඩ් සුරංග තරුණියන් දෙදෙනකු සමග අල්ලයි

colombotoday

රේගුව අකුරට වැඩ

Admin

දෙහිවල ජිරාෆ් සත්ත්වයෙකු මිය යයි

Admin

මැතිවරණයට අදාළ දිස්ත්‍රික්ක 18ක ජන්ද පත්‍රිකා මුද්‍රණය අවසන්

colombotoday

රණවිරුවන්ට එරෙහිව දැමූ නඩු නවතන්න බෑ – නීතිපති දප්පුල ජනපතිට එරෙහිව අවි ඔසව‍යි

colombotoday