Colombo Today Local News

යහපාලන සංහිදියා බළකායේ ලේකම් පාක්‍යසෝති, හමුදාවට එරෙහිව ජිනීවාහීදි හයිබ්‍රිඩ් ඉල්ලයි

ජාත්‍යන්තර විනිසුරුවරුන් සහිත හයිබ්‍රිඩ් අධිකරණය ශ්‍රී ලංකාවේ ස්‌ථාපිත කිරීමට ජාත්‍යන්තර ප්‍රජාව ක්‍රියා කළ යුතු බව ඉල්ලමින් රජයේ සංහිඳියා කාර්ය සාධක බළකායේ ලේකම් පාක්‍යසෝති සරවණමුත්තු (20 වැනිදා) ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ රැස්‌වීමක් ඇමතීය.

මෙම රැස්‌වීම අමතා නිමල්කා ප්‍රනාන්දු සහ රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරිනියක වූ සිවචන්ද්‍රන් සරෝජ සහ මුලතිව්හි රාජ්‍ය නොවන ක්‍රියාකාරිනියක වන පෙන්සිලා ද දේශන පවත්වති.

මෙම රැස්‌වීමේ අරමුණ කොටි මහවිරු දිනය සැමරීමට ඉඩ දිය යුතු බව දක්‌වන නිර්දේශ ඇතුළත් භයානක නිර්දේශ ඉදිරිපත් කළ රජයේ සංහිඳියා කාර්ය සාධක බළකායේ වාර්තාව ජාත්‍යන්තර ප්‍රජාව හමුවේ ප්‍රකාශයට පත්කිරීමයි.

මෙය මෙහෙයවන්නේ බ්‍රිතාන්‍ය එම් අයි බුද්ධි කණ්‌ඩායමේ චරපුරුෂයකු වූ ඩේවිඩ් බෙංගලි නමැත්තායි.

රජය පත්කළ කමිටුවක වාර්තාවක්‌ රජයේ අවසරයකින් තොරව රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරීන් පිරිසක්‌ විසින් මානව හිමිකම් කවුන්සිලයේදී සාකච්ඡාවට ලක්‌කිරීම නීති විරෝධී ක්‍රියාවක්‌ බව ජිනීවා ආරංචි මාර්ග පවසයි.

ශ්‍රී  ලංකා යුද හමුදාවේ ඉහළ නිලධාරීන් පවා විශ්මයට පත් කරවිමින් පාක්‍යෙසා්තී සරවණමුත්තු නැමැත්තා පසුගිය සතියේ කොතලාවල ආකරක්ෂක විද්‍යා පීඨයේ පැවැති උපාධි ප්‍රධානෝත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස කැදවා තිබිණි.

Related posts

තහනම් අධිවිෂ රසායනිකයක් අළුත් නමකින් වෙළදපොළේ.. පළිබෝධ නාශක රෙජිස්ටාර් අවසර දීලා !

colombotoday

සැහැල්ලු ඩ්‍රෝන යානා 15ක් සොරාගත් තිදෙනෙක් මාට්ටු

Admin

17 වැනිදා ගෝල්ෆේස් ආවේ ජනාධිපති මන්දිරයට වැටලීමටයි…

colombotoday

මුස්ලිම් ඇමතිවරු ජනපති හමුවේ – ඥානසාර හිමි වහාම අත්අඩංගුවට ගැනීමට නියෝග

colombotoday

හිස් පතුරොම්කොපු රැගෙන දළදා මාලිගයට අයෙක්ගේ අල්ලයි

Admin

ජාතික රෝහලේ දියවැඩියා රෝගීන්ගේ බෙහෙත් හිඟයක්.

colombotoday