Colombo Today Local News

ශබ්ද විකාශනයෙන් පිරිත් දැම්මයි, උඩුවේ හිමි දුටු තැන අල්ලන්න වරෙන්තු

පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමි අත්අඩංගුවට ගැනීම සඳහා කොළඹ අතිරේක මහේස්ත්‍රාත් දුලානි අමරසිංහ මහත්මිය විසින් වරෙන්තු නිකුත් කර ඇති බව වාර්තා වේ.

ඒ කිරුළපන ඇලන් මැතිනියාරාමයේ ශබ්ද විකාශන යන්ත්‍ර ක්‍රියාත්මකවීමේදි තමන් ඇතුළු ප්‍රදේශවාසීන්ට හිරි හැර වන බව පවසමින් හිටපු අමාත්‍ය මිලින්ද මොරගොඩ මහතා ඇතුළු පිරිසක් පවරා තිබූ නඩුවක් අද(20) කැඳවූ අවස්ථාවේදීයි.

පසුගිය නඩු වාරයේදී පොරොන්දු වුවද පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමි අද දිනයේ අධිකරණය හමුවේ පෙනී නොසිටි අතර උන් වහන්සේ අධිකරණයෙන් අවසරයකින් තොරව මේ වන විට විදෙස් ගතවී ඇති බවට අනාවරණය වී තිබේ.

ඒ හේතුවෙන් උන්වහන්සේ අත්අඩංගුවට ගැනීම සඳහා කොළඹ අතිරේක මහේස්ත්‍රාත් දුලානි අමරසිංහ මහත්මිය විසින් වරෙන්තු නිකුත් කළ බව වැඩිදුරටත් වාර්තා වේ.

Related posts

ළමා නිවාසයක දැරියක් ගෙල වැලලා ගනී

colombotoday

නන්දලාල් කට වහගන්න මාලිමාවෙන් අනතුරු ඇගවීමක්

Admin

බලංගොඩ-බගවන්තලාව මාර්ගයේ යන ලොරි රථ වලින් බඩු බෑ හොරු මාට්ටු

colombotoday

අගමැතිට නඩු දාන්න බැරිවෙන පනතක් පාර්ලිමේන්තුවට..!

colombotoday

කොළඹ හෝටල් තුනකටත් බෝම්බ ප්‍රහාර….

colombotoday

මැති-ඇමතිවරුන්ට මෙවර අයවැය තේ පාටිය නැහැ

Admin