Colombo Today Local News

“නැව කුළියට ගත්තේ අපේ ව්‍යාපාරිකයෙක්, එනිසා කප්පම් එපා“ සෝමාලි කොල්ලකරුවෝ නැව නිදහස් කරයි

සෝමාලියානු මුහුදු කොල්ලකරුවන්ගේ ග‍්‍රහණයට ගෙන තිබූ ඒරීස් 13 නෞකාව සහ එහි කාර්ය මණ්ඩලය නිදහස් කර තිබේ. කිසිදු කප්පම් ඉල්ලීමකින් තොරව ඔවුන් නැව නිදහස් කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.

“සෝමාලියානු ව්‍යාපාරිකයෙක් මෙම නැව කුළියට ලබාගෙන ඇති බව දැනගැනිමත් සමග අප කප්පම් ඉල්ලීමකින් තොරව එය නිදහස් කළා“ යැයි කොල්ලකරුවෙක් රොයිටර් පුවත් සේවය සමග පවසා තිබේ.

මේ අතර මුහුදු කොල්ලකරුවන් සහ සෝමාලියානු ආරක්‍ෂක අංශ අතර ඊයේ පස්වරුවේ අවස්ථා කිහිපයකදී වෙඩි හුවමාරු සිදුවුණා.

කෙසේවෙතත් නෞකාව වෙත වෙඩි ප‍්‍රහාර එල්ල කිරීමෙන් වළකින්නැයි ශ්‍රී ලංකා රජයට ද සෝමාලියානු රජය හරහා එරට ආරක්‍ෂක අංශ වෙත දැනුම්දීමක් සිදුකර තිබුණා.

ශ්‍රී ලංකා රජයේ දැනුම්දීමෙන් පසු සෝමාලියානු ආරක්‍ෂක අංශ තමන් රැදී සිටි නෞකාව වෙත වෙඩි ප‍්‍රහාර එල්ල කිරීම නතර කළ බවයි කාර්ය මණ්ඩල නිලධාරී දිලීප නිශාන් රණවීර මාධ්‍ය වෙත සදහන් කළේ.

Related posts

දුමින්ද බලන්න නාමල් වැලිකඩට

colombotoday

ධානිෂ් අලිට ඇප

colombotoday

දිස්ත්‍රික්ක කිහිපයක ජල බෙදා හැරීම සීමා කෙරේ…

Admin

ෂරියා මූල්‍ය සමාගමක් පිහිටුවාගෙන කෝටි 120ක පොල්ලක් තබා ඉන්දියාවට පැන්න ෂිහාම් සීරීබ් අත්අඩංගුවට

colombotoday

පළමු කොවිඩ් එන්නත් තොගය ජනවාරි 27 වනදා මෙරටට

colombotoday

නිරෝධායන නීති නොතකමින් පැවැත් වූ අරාබි පාසල

colombotoday