Colombo Today Local News

විදේශ සංචිතය බිලියන 7.5 සිට 4 දක්වා පහතට.. ඉතිහාසයේ මුල්වර ආර්ථිකයේ කඩාවැටීමක්

රටේ ආර්ථිකයට දැඩි බලපෑමක් එල්ල කරමින් විදේශ සංචිතය ඩොලර් බිලියන 7.5 සිට බිලියන 4 දක්වා පහත බැස ඇතැයි දූෂණ විරෝධී හඬ කැඳවුම්කරු වසන්ත සමරසිංහ පවසයි.

පසුගිය වසරේ මෙරට විදෙස් සෘජු ආයෝජන ප්‍රමාණය ඩොලර් මිලියන 500ටත් අඩු ප්‍රමාණයකට පහත වැටී ඇති බවද වසන්ත සමරසිංහ මහතා පෙන්වා දෙයි.

එය වසර 2000න් පසු ප්‍රථම වතාවට ලංකා ආර්ථිකයේ සිදුවූ කඩා වැටීමක් බව සමරසිංහ මහතා පවසයි.

ශ්‍රී ලංකා මහ බැංකු බැඳුම්කර වංචාව ඊට සෘජුවම බලපා ඇති බව පවසන ඒ මහතා පෙන්වා දුන්නේ අදාළ බැඳුම්කර වංචා හරහා රටේ ඉහළ දැමූ පොලී අනුපාතයත් සමඟ (එනම් 8%ට මිලට ගත් බැඳුම්කර 14.5% දක්වා වැඩි කිරීම) රටේ ගෙවිය යුතු ණය පොලී වාරිකයද ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බවත් 2015, 2016 වසර දෙකෙහි අපේක්ෂා කළ පොලිය බිලියන 680ක් වන බවත්ය. එමඟින් 2015 වසරේ ඇස්තමේන්තු කළ පොලියට වඩා බිලියන 69ක් ගෙවීමට සිදුව ඇති බවද ඔහු කියයි.

ඔහු පවසන්නේ මෙම ඩොලර් පැමිණීමේ අඩුව සමඟින් රට තව තවත් ආර්ථික අර්බුදයකට පත්වීම වැළකිය නොහැකි බවයි.

විදෙස් සංචිත පහළ බැසීමෙන් රටේ අපනයන පහත වැටීමත්, රටට පැමිණෙන ආයෝජකයන් ආපසු හැරී යෑම පමණක් නොව ආර්ථික ඔස්තාර් නාමය හංවඩු ගසා ගත් යූ.එන්.පී. ආණ්ඩුව මේ වනවිට කිසිදු ආයෝජනයක් රටට සිදුකර නොමැති බවත් මෙම අර්බුදවලින් පලා යෑමට ආණ්ඩුව රාජ්‍ය ආයතන විකුණමින් සිටින බවත් හෙතෙම වැඩිදුරටත් පවසයි.

Related posts

ලක්ෂ 15 ක හෙරොයින් සමඟ දළුපොත රොකී අත්අඩංගුවට

colombotoday

අගමැති ඉල්ලා අස්වූ පසු සර්ව පාක්ෂික ආණ්ඩුවකට සූදානම්

colombotoday

අයවැයෙන් සැප වාහනවල මිළ ඉහළ දැමීමේ වාසිය මැති ඇමතිවරුන්ටයි…!

colombotoday

ව්‍යවස්ථා කමිටු අතුරු වාර්ථාවෙන් “බුද්ධාගමට හිමි ප්‍රමුඛස්ථානය අහිමි කරලා” – සිංහල බෞද්ධයා නොමග යවන ආණ්ඩුවේ කූට වෑයම මහා සංඝරත්නය හෙළා දකී

colombotoday

ඇමෝනියා නයිට්රේජන් පුපුරණ ද්‍රව්‍ය කිලෝ එකසිය හැත්තෑපහක් සමග දෙදනකු අත්අඩංගුවට

colombotoday

තාක්ෂණ අමාත්‍යංශයේ කාර්යයන් සහ ආයතන ගැසට් කෙරේ

colombotoday