Covid 19

ජා ඇල මත්ස්‍ය අපනයන සැකසුම් ආයතනයක 90කට කොරෝනා

ගම්පහ, ජා ඇල ප්‍රදේශයේ මත්ස්‍ය අපනයන සැකසුම් ආයතනයක පුද්ගලයින් 90 දෙනෙකුට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ.

ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ උප සභාපති එස්.ඒ.යූ.ටී කුලතිලක මහතා සඳහන් කළේ, පසුගිය දින කිහිපය තුළ සිදුකළ පී.සී.ආර් පරික්ෂණවලින් මෙම ආසාදිතයින් හඳුනාගෙන ඇති බවය.

අදාළ ආයතනයේ සේවකයින්ගෙන් සියයට 50කට පමණ මේ වන විට වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වන බව එස්.ඒ.යූ.ටී කුලතිලක මහතා සඳහන් කළේය.

“ඒ පුද්ගලයෝ 198කින් 90ක් රෝගීන් බවට පත්වෙලා තියෙනවා. මේ රෝගීන් බවට පත්වීමට මුලික හේතුව තමයි. එම කර්මාන්ත ශාලාවේ සේවය කරන සේවකයින් පාලන අධිකාරියට නොදන්වා සාදයක් පවත්වලා තියෙනවා. ඒ සාදයට සහභාගී වු සියලුදෙනාමත් ඉන් පසුව එම ආයතනයේ සිටි විශාල ප්‍රමාණයකුත් රෝගීන් බවට පත්වෙලා තියෙනවා. කෙසේවෙතත් මේ වන විට සියයට 50ක ප්‍රමාණයකට ආසන්න ප්‍රමාණයක් රෝගීන් බවට පත්වෙලා තියෙනවා ඔවුන්ගේ නොසැලකිලිමත් ක්‍රියාකලාපය නිසා. පිසීආර් අවස්ථා තුනක දී සිදුකරලා තියෙනවා. ආයතනය මඟිනුත් පීසීආර් කරලා තියෙනවා. සෞඛ්‍ය නිලධාරී කාර්යාලයෙනුත් අවස්ථා තුනක දී පසුගිය දිනවල පීසීආර් කරලා තියෙනවා.“

Related posts

ඊයේ තහවුරු කල තවත් කොවිඩ් මරණ 21ක්

colombotoday

ඇහැලියගොඩ සහ ගොඩකවෙල වහාම ක්‍රියාත්මකවන පරිදි හුදකලා කරන ප්‍රදේශ මෙන්න

colombotoday

ඩෙල්ටා ප්‍රභේදයේ වෛරස් අංශු දහස් ගුණයකින් වැඩී | පර්යේෂකයින්ගේ අලුත්ම අනාවරණය

colombotoday

කොළඹ මහා නගර සභාවේ තවත් ආසාදිතයින් 14 ක්

colombotoday

සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 38,639ක් දක්වා ඉහළට

colombotoday

තවත් කොවිඩ් මරණ 20ක්

colombotoday