Colombo Today Local News

මැයි 31 තෙක් පොලිස් නිලධාරීන්ගේ නිවාඩු අවලංගුයි

අද (11) මධ්‍යම රාත්‍රී 12 සිට පොලීසියේ සියලූම නිලධාරීන්ගේ නිවාඩු අවලංගු කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා වැඩිදුරටත් පවසා සිටියේ මැයි මස 31 වන දා දක්වා එය බලපැවැත්වෙන බවය.

කොවිඩ් -19 වෛරස ව්‍යාප්තිය වැළැක්වීමට රජය විසින් අද රාත්‍රීයේ සිට පළාත් අතර සංචරණ සිමා පනවා තිබේ.

ඒ සඳහා පොලිස් නිලධාරීන්ගේ සහය අත්‍යවශ්‍ය ව ඇති බැවින් එම තීරණය ගත් බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

හුදකලා කර නොමැති ප්‍රදේශයක සිටින පොලිස් නිලධාරීන් සියලුදෙනා රාජකාරියට වාර්තා කළ යුතු බවත්, යම් නිලධාරියෙක් හුදකලා කළ ප්‍රදේශයක සිටී නම් හුදකලාභාවය අවසන් වන තුරු රාජකාරියට වාර්තා කළ යුතු නැති බවත් අජිත් රෝහණ මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Related posts

MCC ගිවිසුමට අනුමැතිය දුන්නේ නැහැ- නීතිපති

colombotoday

ගුවන් හමුදාව ස්ථාපිත කරනු ලැබු ස්කයි පෙට් සත්ව රෝහල විවෘත කරයි

colombotoday

මැතිසබය බලන්න එන අයට වේත්‍රධාරිවරයාගෙන් දැනුම්දීමක්

colombotoday

සංශෝධිත බදු පනතක් ගැසට් කෙරේ…

colombotoday

ජනපති කියන ශිෂ්‍යත්ව විභාගය අහෝසි කිරීම ගැන මා දන්නේ නෑ – අධ්‍යාපන ඇමති

colombotoday

අද කාලගුණය

colombotoday