Colombo Today Local News

ඊ නිව්ස් සදරුවන්ට නොතීසි.. නඩුවට නාවොත් අල්ලන්න රතු වරෙන්තුවක් !!

අධිකරණයට සහ විනිසුරුවරුන්ට අපහාස කිරීම් සම්බන්ධයෙන් ලංකා ඊ නිව්ස් කතෘ සදරුවන් සේනාධීරට එරෙහව ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොණුකර තිබූ නඩුව අද විභාගයට ගැණුනා.

කලින් නඩු වාරයේදී ඔහුගේ ශ්‍රී ලංකාවේ ලිපිනයට නොතීසි නිකුත් කර තිබුණද අද දිනයේදී කිසිදු පුද්ගලයෙකු හෝ නීතීඥවරයෙකු සදරුවන් සේනාධීර වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටියේ නැත.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සදරුවන් සේනාධීර ලන්ඩනයේ පදිංචි ලිපිනය සොයාගෙන ඇති බැවින්, අධිකරණයේ පෙනී සිටින ලෙස ලන්ඩන් හි එම ලිපිනයට නොතීසි නිකුත් ලෙසද මහාධිකරණය නියෝග කරනු ලැබීය.

යම් හෙයකින් මීලග නඩු වාරයේදී විත්තිකරු අධිකරණයේ පෙනී නොසිටයහොත් ඔහුව එරෙහිව ජාත්‍යන්තර රතු වරෙන්තුවක් නිකුත් කරනු ඇතැයි අධිකරණ ආරංචිමාර්ග පවසයි.

මුදල් ලබාගෙන විවිද පුද්ගලයන් එරෙහිව ඊ නිව්ස් වෙබ් අඩවිය හරහා අපහාස කිරීම සම්බන්ධයෙන්ද සදරුවන් සේනාධිරට චෝදනා එල්ල වී තිබෙන අතර, ඔහුගේ ශ්‍රී ලංකා නියෝජිතයා ලෙස කටයුතු කරන්නේ යහපාලන ආණ්ඩුවේ කුප්‍රකට චරිතයක් වන තුසිත හල්ලොලුවයි.

විදේශ ඇමතිගේ සම්බන්ධිකරණ ලේකම් lanka e news නියෝජිත තුසිතගේ කළු සල්ලි ජාවාරම ගුවන්තොටේදී හසුවේ

 

 

Related posts

ගම්පහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු පිරිසක් නිරෝධායනයට

colombotoday

මේ කෙණෙහිළිකම් ඉවසනවාට අපේ රණවිරුවන්ට නොබෙල් තෑග්ග දෙන්න වටිනවා – හිටපු හමුදාපති

colombotoday

සතොස වැඩබැලූ සාමන්‍යධිකාරීවරයකුට එරෙහි අල්ලස් නඩුවකට සාක්කි දෙන්න රවීට සිතාසි

colombotoday

රාජපක්ෂලා කොහොමත් ‘ෆේල්’ “කඩා වැටෙන ප්‍රතිරූපය රැකගන්න ආණ්ඩුව කූඨ උපක්‍රම අනුගමනය කරනවා…” – පාඨලීගෙන් සැර පහරක්

colombotoday

නොබෙල් සාම තෑග්ග ජනපතිගෙන් ගිලිහෙයි !!

colombotoday

තහනම ඉවත් කිරීමෙන් පසු මාළු ටොන් 78ක් යුරෝපයට

colombotoday