World

අමෙරිකාවේ නව ආරක්ෂක ලේකම් ධූරයට විශ්‍රාමික ජෙනරාල් ලොයිඩ් ඔස්ටින් නම් කරයි

පසුගියදා තේරීපත්වූ අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් නව ආරක්ෂක ලේකම්වරයා වශයෙන් විශ්‍රාමික ජෙනරාල් ලොයිඩ් ඔස්ටින් නම් කර තිබේ.

අමෙරිකානු ආරක්ෂක මූලස්ථානය වන පෙන්ටගනයේ ප්‍රධානියා බවට පත්වන පළමු අප්‍රිකානු – අමෙරිකානුවා වන්නේ 67 හැවිරිදි විශ්‍රාමික ජෙනරාල්වරයා ය.

ජනාධිපති බරක් ඔබාමා යටතේ “එක්සත් ජනපද ඒකාබද්ධ අණදෙන ප්‍රධානියා” වුයේ ඔහු ය. නමුත් ඔහු ට ආරක්ෂක ලේකම් ධූරය ලබාදීමට නම් කොංග්‍රසය මගින් ඊට අනුමැතිය ලබාදිය යුතු ය.

ඒ ඔහු සක්‍රීය හමුදා සේවයෙන් විශ්‍රාම ගොස් ගතවී ඇත්තේ වසර 7කට අඩු කාලයක් බැවිනි.

තරු 4 ජෙනරාල්වරයෙක් වන ඔහු, 2013 – 2016 වසරවල “එක්සත් ජනපද ඒකාබද්ධ අණදෙන ප්‍රධානියා” ලෙස කටයුතු කරමින් මැද පෙරදිග, මධ්‍යම ආසියාව සහ දකුණු ආසියාවේ කොටසක වගකීම් දැරීය.

ඊට පෙර එක්සත් ජනපද යුද හමුදාවේ නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානියා ලෙස කටයුතු කරඇති ඔහු, ඉරාකයේ ස්ථානගත කර සිටි එක්සත් ජනපද හමුදාවේ අවසාන අණදෙන ජෙනරාල්වරයා ද විය.

Related posts

හමාස් – ඊශ්‍රායල් ගැටුම් මුල් කර ගනිමින් කැනඩාවේ යුදෙව් පාසල් දෙකකට වෙඩි ප්‍රහාර

Admin

උතුරු කොරියා – ඇමරිකා සීතල යුද්ධය මැද රුසියානු යුධ ටැංකි පිරුණු දුම්රියක් උතුරු කොරියානු දේශසීමාවට

colombotoday

රසායනික ද්‍රව්‍ය රැගත් එන්.වී.සිම් කිංග්ස්ටන් බහාලුම් නෞකාවේ ගින්නක්

colombotoday

ටියුනීසියාවේ හෙලිකොප්ටරයක් මුහුදට කඩා වැටෙයි

Admin

ඇෆ්ගනිස්ථානයේ කුන්ඩුස් හි ෂියා මුස්ලිම් පල්ලියට එල්ලකළ බෝම්බ ප්‍රහාරයේ වගකීම ‘සුන්නි’ අයිසිස්-කේපී භාර ගනී.

colombotoday

මිනිත්තු 20කින් සිදුකළ හැකි කොවිඩ් පරීක්ෂණයක්

colombotoday