Colombo Today Local News

එරාවූර් ඉඩම් කොල්ලයට එරෙහි වූ, ඉඩම් අධ්‍යක්ෂකට වෙඩි ප්‍රහාරයක්

ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ මඩකලපුව සහ ත්‍රිකුණාමලය භාර අධ්‍යක්ෂ නේසන් තුරෙයි විමලරාජ් මහතාට ඊයේ (22) පස්වරුවේ වෙඩි ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.

කලවංචිකුඩි සිය නිවසේ සිටියදී, යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු මෙම ප්‍රහාරය සිදුකර තිබෙන බව පොලීසිය පවසයි.

වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලැබූ විමලරාජ් මහතා මේ වන විට මඩකලපුව රෝහලට ඇතුලත් කර ඇත.

එරාවූර්, පුන්නකුඩා ප්‍රදේශයේ ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට අයත් අක්කර 500කට වැඩි බිම් ප්‍රමාණයක් දේශපාලකයෙකු මෙහෙයවන මුස්ලිම් ජාතිකයක් පිරිසක් විසින් බලහත්කාරයෙක් අල්ලාගෙන පදිංචිවී තිබෙනවා.

පසුගිය පෙබරවාරි 7 වනදා මෙම ඉඩම් පරීක්ෂාවට ගිය අවස්ථාවේදී, එම පිරිස විමලරාජ් මහතාට පහරදීමට උත්සහාගෙන තිබුණු අතර, පොලීසිය මැදිහත්වීමෙන් එය වැළකී තිබෙනවා.

මෙම සිදුවීම මාධ්‍ය මගින් ප්‍රචාරය වීමෙන් අනතුරුවයි විමලරාජ් මහතා මෙසේ වෙඩි ප්‍රහාරයට ලක්ව තිබෙන්නේ.

යුද්ධයෙන් අවතැන් වූ සිංහල ජනතාව එරාවූර් හී නැවත පදිංචිකිරීම් ඇරඹීමෙන් අනතුරුව එයට විරෝධය දැක්වීමක් ලෙස මෙම මුස්ලිම් ජාතික පිරිස එම ප්‍රදේශයේ රජයේ ඉඩම් බලහත්කාරයෙන් අල්ලාගෙන පදිංචි වීම ආරම්භ කර ඇත.

එරාවූර් හි ඉඩම් කොල්ලය සිදුවන ප්‍රදේශය

එරාවූර් ඉඩම් කොල්ලය ගැන නෙත් ගුවන්විදුලියේ බැලුම්ගල වැඩසටහන

Related posts

උපවාසය අත්හල රතන හිමියන් ප්‍රතිකාර සඳහා මහනුවර රෝහලට

colombotoday

රැට්ටා, ලහිරු, ජගත් ඇතුළු 7ක් පොලිසියට භාර වෙති

colombotoday

අද රාජිතගේ පටි රෝල් !

colombotoday

අලිගැට පේර දිනපතා ආහාරයට ගැනීම ඉතා හොඳයි. අධ්‍යයනයකින් හෙළි වෙයි.

colombotoday

ඩයනාගේ විදෙස් ගමන් තහනම තාවකාලිකව අත්හිටුවයි

Admin

ජාත්‍යන්තර මත්කුඩු ජාවාරම්කරුවකුගේ ගෝලයෝ දෙකක් රත්මලානේදී අත්අඩංගුවට

colombotoday