Colombo Today Local News

රාමදාන් හේතුවෙන් දුන් සල්ලි ගන්න ගොස් ජිවිතයෙන් වන්දි ගෙවීම. මාලිගාවත්තේ තෙරපීමට හේතු හෙළි වේ.

දෙහිවල ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු විසින් ඔහුට අයත් මාලිගාවත්ත, ජුම්මා මස්ජිත් පාරේ පිහිටි මෝටර් රථ අමතර කොටස් ගබඩාවක් තුල මුදල් බෙදී දීමට ගොස් ඇතිවූ තෙරපිමකින් කාන්තාවන් තිදෙනෙකු මරණයට පත්වී තිබෙනවා.

තමාගේ ව්‍යාපාරික ස්ථානයට යෑමට සඳහා යැයි පවසමින් දෙහිවල පොලීසියෙන් ඇදීරිනිති බලපත්‍රයක් ලබාගෙන ඇති ව්‍යාපාරිකයා තවත් පුද්ගලයන් හතර දෙනෙකු සමග අද (21)උදෑසන මාලිගාවත්ත ප්‍රදේශයට පැමිණ දහවල් කාලයේදී ජනතාව ඒක රාශි කරවාගෙන රාමදාන් හේතුවෙන් මුදල් බෙදා දීමක් සංවිධානය කර ඇති බව ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස් පති දේශබන්දු තෙන්නකෝන් මහතා සඳහන් කර සිටියා.

පුද්ගලයන් 400 -500 ක් අතර ප්‍රමාණයක් මේ සඳහා පැමිණ ඇති බවත් ඒ අවස්ථාවේ ඇතිවූ තෙරපීමෙන් කාන්තාවන් තුන් දෙනෙකු දැනට මියගොස් තවත් 8 දෙනෙකු තුවල ලබා ඇති බවත් ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියා.

දැඩි නොසැලකිලිමත් ක්‍රියාවක් සංවිධානය කිරීම, පොලිසියට නොදන්වා ඇඳිරිනීතිය පවතින කාලයක පිරිසක් ඒක රාශි කිරීම, කොරෝනා වෛරසය ව්‍යාප්ත කිරීම සඳහා පුද්ගලයන් අතර පරතරය පවත්වා නොගැනීම යන චෝදනා යටතේ ප්‍රධාන ව්‍යාපාරිකයා ඇතුළු ඔහුගේ සහයකයින් 6 දෙනෙකු අත්අඩංගුවට ගෙන මාලිගාවත්ත පොලිසියට යොමු කර ඇති බවත් ඔවුන්ට විරුද්ධව අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බවත් දේශබන්දු තෙන්නකෝන් මහතා සඳහන් කර සිටියා.

Related posts

අපේ ජනබල පක්ෂයෙන් රතන හිමි දොට්ට. – මන්ත්‍රිධුරයෙන් නෙරපන්නයැයි මැතිවරණ කොමිසමට දන්වයි.

colombotoday

කුකුළේගඟ ජලාශයේ වාන් දොරටු තුනක් අරී

Admin

රට්ටු කියන කතාවලට අකිලට ලැජ්ජ හිතෙයි.. ‘ලැප්ටොප් වන්නම‘ නිදහස් උත්සවයෙන් ඉවත් කෙරේ

colombotoday

අමෙරිකාවට ගිය බැසිල් පැමිණෙයි

colombotoday

මහේස්ත්‍රාත්වරියකට බරපතළ වැඩ සහිතව සිර දඬුවමක්

Admin

සාමකාමී අරගලකරුවන්ට පහරදීම සම්බන්ධයෙන් ජොන්ස්ටන් සැකකරුවෙකු කරමින් CIDයෙන් අධිකරණයට බී වාර්තාවක්

colombotoday