Colombo Today Local News

හමුදා රෝහලෙන් එන්නත එපා කිවූ සුමන්තිරන්, ධර්මලිංගම් සිද්ධාර්ථන් සහ රාසමානික්කම් එන්නත විද ගනී

යුද හමුදා රෝහලක දී කොවිඩ් එන්නත ලබාගැනීම ප්‍රතික්ෂේප කර සිටි දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීන් තිදෙනකු නාරාහේන්පිට යුද හමුදා රෝහලට ගොස් එම එන්නත් ලබාගෙන තිබේ.

දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එම්.ඒ. සුමන්තිරන්, ධර්මලිංගම් සිද්ධාර්ථන් සහ රාසමානික්කම් චානක්‍යන් යන මන්ත්‍රීවරුන් මෙලෙස එන්නත් ලබා ගෙන තිබිණි.

මේ සම්බන්ධයෙන් එම මන්ත්‍රීවරුන්ගෙන්, කළ විමසුමකදී ඔවුහු මේ බව සනාථ කළහ.

මේ අතර එම සන්ධානය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සෙල්වම් අඩෙයිකලනාදන්, චාල්ස් නිර්මලනාදන්, විනෝදන් නෝගරාගලිංගම් යන අය මන්නාරම දිස්ත්‍රික්කයේ කොවිඩ් එන්නත් මධ්‍යස්ථානවලදී එන්නත් ලබාගෙන තිබුණි.

එමෙන්ම යුද හමුදාව තමන්ට විස එන්නත් කරාවිදැයි සැක නිසා හමුදා රෝහලකදී එන්නත් ලබා නොගන්නා බව කී මන්ත්‍රී සිවඥානම් ශ්‍රීධරන්ද පසුගියදා කිලිනොච්චිය රෝහලේදී එන්නත තබාගෙන තිබුණි.

දෙමළ ජාතික සන්ධානය ඇතුළු උතුරේ දෙමළ දේශපාලන පක්ෂවල නියෝජිතයන් රැසක්ද හමුදා රෝහලේදී එන්නත් ලබාගැනීම ප්‍රතික්ෂේප කර තිබුණු අතර ඔවුන් අතරින් බොහෝ දෙනකු උතුරේ එන්නත් මධ්‍යස්ථානවලින් එන්නත් ලබාගෙන තිබුණි.

හමුදා රෝහල්වලින් එන්නත් ලබාගැනීම හෝ නොගැනීම පක්ෂයට අදාළ කාරණයක් නොවන බව දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ධර්මලිංගම්සිද්ධාර්ථන් සඳහන් කළේය.

මේ වනවිට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 125ක පමණ පිරිසක් එන්නත ලබාගෙන ඇත.

Related posts

ජවිපෙ 20 මැතිසබෙන් විසිවෙයි

colombotoday

“ද්‍රවිඩ ජනයා අකමැති ව්‍යවස්‌ථාවක්‌ ගේන්න දෙන්නේ නෑ” – විපක්ෂ නායක සම්බන්ධන්

colombotoday

අවුරුදු 12 ට අඩු දරුවන්ටත් ෆයිසර් ලබාදීමට පරීක්ෂණ

colombotoday

බාදුරාගොඩ අල්කයිඩා පවුලම අත්අඩංගුවට

colombotoday

මහා ජන සන්නිපාතයෙන් ගාලු මුවදොර පිරී ඉතිරී යයි (PHOTO)

colombotoday

රජිත් කැළණි සරසවියට පත්කළේ එජාපයට වැඩකළ නිසයි… ගිය ආණ්ඩුත් විශ්වවිද්‍යාල දේශපාලන අතකොළු කරගත්තා – කිරිඇල්ල

colombotoday