Colombo Today Local News

එජාප – ශ්‍රීලනිප මත ගැටුම උග්‍ර වේ.. අලුත් ව්‍යවස්ථාව නවතී ?

එක්‌සත් ජාතික පක්‌ෂය සහ ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂය අතර පවතින මත ගැටුම නිසා නව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවක්‌ සම්පාදනය කිරීමේ කටයුතු ඇනහිට ඇතැයි ඉතා විශ්වාස කටයුතු ආරංචි මාර්ග ඔස්‌සේ වාර්තා වේ.

විධායක ජනාධිපති ක්‍රමය නව ව්‍යවස්‌ථාව මගින් අහෝසි කළ යුතු බවට එජාපය දැඩි මතයක සිටින අතර ශ්‍රීලනිපය ඊට අකමැත්ත ප්‍රකාශ කර ඇත.

එමෙන්ම ව්‍යවස්‌ථාව සම්පූර්ණයෙන් වෙනස්‌ නොකර ජනමත විචාරණයකට තුඩු නොදෙන වගන්ති පමණක්‌ සංශෝධනය කළ යුතු බව ශ්‍රී ලනිප මතය වේ. එහෙත් එජාපය ඊට අකමැති බව ඉහත ආරංචි මාර්ග ප්‍රකාශ කර සිටී.

මේ නිසා දැනට ඇනහිට ඇති නව ආණ්‌ඩු ක්‍රම ව්‍යවස්‌ථාවක්‌ සම්පාදනය කිරීමේ කටයුqත්ත යළි සක්‍රිය කිරීම සඳහා සිය මන්ත්‍රී කණ්‌ඩායම් සමඟ සාකච්ඡා කිරීමට ජනාධිපතිවරයාත් අගමැතිවරයාත් මැදිහත්ව සිටින බවද එම විශ්වාස කටයුතු ආරංචි මාර්ග ඔස්‌සේ අනාවරණය විය.

ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා සංශෝධනය සම්බන්ධව ආණ්‌ඩුවේ සිටින ශ්‍රීලනිප මන්ත්‍රී කණ්‌ඩායම සහ එජාප කණ්‌ඩායම මත දෙකක සිටින අතර ඒකාබද්ධ විපක්‌ෂය තවත් මතයක්‌ දරනු ලබයි. ව්‍යවස්‌ථා සංශෝධන ක්‍රියාවලියේ දී ජනමත විචාරණයකට තුඩුදෙන වගන්ති සංශෝධනය නොකළ යුතු බව ශ්‍රීලනිප මතය වන අතර විධායක ජනාධිපති ධුරය වෙනසක්‌ නොකළ යුතු බවටද අවධාරණය කර ඇත.

එහෙත් එජාප මතය වී තිබෙන්නේ විධායක ජනාධිපති ධුරයද අහෝසි කරමින් නව ආණ්‌ඩු ක්‍රම ව්‍යවස්‌ථාවක්‌ සකස්‌ කළ යුතු බවය.

නව ආණ්‌ඩු ක්‍රම ව්‍යවස්‌ථා සංශෝධනයෙන් බලය බෙදා හැරීමක්‌ සිදුවන බව පවසමින් ඒකාබද්ධ විපක්‌ෂය ද සංශෝධන ක්‍රියාවලියෙන් ඉවත් වන බව ප්‍රකාශ කර ඇත.

මේ නිසා ආණ්‌ඩු ක්‍රම ව්‍යවස්‌ථාවක්‌ සම්පාදනය කිරීමේ කටයුතු දැනට අක්‍රිය තත්ත්වයට පත්ව ඇතැයි ඉහත ආරංචි මාර්ග සඳහන් කර සිටී.

ජනාධිපතිවරයා සහ අගමැතිවරයා මීට මැදිහත්වීමට තීරණය කර ඇති බවත් ඒ අනුව ජනාධිපතිවරයා තම මන්ත්‍රී කණ්‌ඩායම පසුගිය සිකුරාදා සවස්‌වරුවේ හමුවී විශේෂ සාකච්ඡාවක්‌ පැවැත්වූ බවද ඉහත ආරංචි මාර්ග තවදුරටත් අනාවරණය කළේය.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතාද විදේශ සංචාරය නිමවා පැමිණි පසු එජාප මන්ත්‍රී කණ්‌ඩායම සමඟ මේ සම්බන්ධව සාකච්ඡා කිරීම සිදු කරනු ඇතැයි එම ආරංචි මාර්ග සඳහන් කළේය.

– දිවයින

Related posts

සාමාන්‍ය පෙළ සියළුම විෂයන් අසමත් වූ සිසුන්ටත් උසස් පෙළ වරම් !

colombotoday

යතුරුපැදි හිස්වැසුම් භාවිතයට මූලික කරුණු 10ක්.. ගැසට් නිවේදනය මෙන්න

colombotoday

හිටපු කොටි සැකකරුවන් ලබන 7 වනදාට පෙර නිදහස්

colombotoday

හිටපු ක්‍රීඩා අමාත්‍යවරයා විසින් ICCයට එවූ කිසිදු ලිපියක තොරතුරු නෑ – ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය

colombotoday

කටුනායක ගුවන්තොට මාස 3ක් දවාලට වසයි.. ගුවන්යානා මත්තලට හරවයි

colombotoday

මෛත්‍රී ජනවරමට පිටු පෑවා…

colombotoday