World

‘කොහොම හරි මුස්ලිම් අය එළවනවා‘ – ට්‍රම්ප් තවත් තුරුම්පුවක් අදී !!

සංක්‍රමණිකයන් පාලනය සම්බන්ධයෙන් පියවර ගැනීම සඳහා නව විධායක නියෝගයකට අත්සන් තැබීම පිළිබඳ තම අවධානය යොමු වී ඇතැයි ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. ජනාධිපතිවරයා ඒ බව කියා සිටියේ මුස්ලිම් භක්තිකයන් වැඩි වශයෙන් වෙසෙන රටවල් හතක පුරවැසියන්ට ඇමරිකාවට ඇතුළුවීම වැළැක්වීම සඳහා ගනු ලැබූ මූලික උත්සාහය අධිකරණය විසින් අවහිර කරනු ලැබීමෙන් අනතුරුවය.

‘Air Force One‘ ජනාධිපති නිල ගුවන් යානය තුළ සිටි මාධ්‍යවේදීන් වෙත අදහස් දක්වමින් ජනාධිපති ට්‍රම්ප් සඳහන් කළේ ලබන සඳුදා හෝ අඟහරුවාදා වනවිට අදාළ විධායක නියෝගය ප්‍රකාශයට පත්වනු ඇති බවය.

ඉරාකය, සිරියාව, ලිබියාව, සෝමාලියාව, සුඩානය සහ යේමනය යන රටවල පුරවැසියන්ට ඇමරිකාවට ඇතුළුවීම තහනම් කරමින් ජනාධිපති ට්‍රම්ප් නිකුත් කළ පළමු විධායක නියෝගය ඇමෙරිකානු අධිකරණය විසින් පසුගියදා තාවකාලිකව අත්හිටුවනු ලැබීය.

ජනාධිපති විධායක නියෝගය යළි ස්ථාපිත කරන ලෙස ට්‍රම්ප් පාලනය අභියාචනාධිකරණයෙන් කළ ඉල්ලීම ද ප්‍රතික්ෂේප විය.
අභියාචනාධිකරණය ලබා දුන් තීන්දුවට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට ඇපෑලක් ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් ජනාධිපති ට්‍රම්ප් මෙතෙක් ක්‍රියාමාර්ගයක් ගෙන නොමැත.

“මේ සටන අපි දිනයි” යනුවෙන් මාධ්‍යවේදීන්ට කියාසිටි ජනාධිපතිවරයා “අවාසනාවකට ඒ සඳහා කාලයක් ගත වෙනවා. අපි ඒ සටන දිනාවි නමුත් අලුත්ම විධායක නියෝගයකට අත්සන් තැබීම ඇතුළුව අපිට විකල්ප ගණනාවක් තිබෙනවා.” යනුවෙන් සඳහන් කළේය.

Related posts

සෞරග්‍රහ මණ්ඩලයෙන් පිටත ග්‍රහලෝකයක ප්‍රථම වරට ඝන දූවිලි කුණාටුවක් නිරීක්ෂණය වෙයි

Admin

එක් ආසාදිතයෙක් හමුවී නවසීලන්තයම ලොක්ඩවුන්

colombotoday

ලෝකයේ පැවැත්වෙන විශාලතම මැතිවරණය ඉන්දීය මහ මැතිවරණය ඇරඹේ

colombotoday

ටයිටැනික් නැවේ රාත්‍රී භෝජන මෙනු පත වෙන්දේසියට

Admin

ග්‍රීසියේ ලැව්ගිනි නිවා දමමින් සිටි ගුවන් යානයක් කඩා වැටී නියමුවන් දෙදෙනෙක් මරුට

Admin

පකිස්තානයේ භූ කම්පනයකින් 20ක් මරුට

colombotoday