Colombo Today Local News

පාලන මිලට ගොවීන්ට පොහොර ලබාදීමට ගොවිජනසේවා දෙපාර්තමේන්තුව පියවර ගනී

ගොවීන්ට එළවළු වගා කිරීමට අවශ්‍ය පොහොර පෞද්ගලික අංශයෙන් මිලදී ගෙන පාලන මිලට ලබාදීමට ගොවිජනසේවා දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.

ගොවිජන සේවා කොමසාරිස් ජනරාල් ඒ .එච්.එම්.එල්. අබේරත්න මහතා සඳහන් කළේ, පෞද්ගලික සමාගම් මගින් මිලදී ගන්නා පොහොර තොග ජාතික පොහොර ලේකම් කාර්යාලය මගින් ගොවීන්ට ලබාදෙන බවයි.

ඒ අනුව, බදුල්ල හා නුවරඑළිය දිස්ත්‍රික්කවල එළවළු ගොවින්ට පොහොර ලබා දීමට පියවර ගෙන තිබේ.

පොහොර නොමැති වීම හේතුවෙන් පත්ව ඇති දුෂ්කරතා පිළිබඳව පසුගිය සති කිහිපයේම උඩරට එළවළු ගොවීන් රජයට පැවසුවේ තමන්ට පොහොර ලබා දෙන ලෙසය.

Related posts

මෛත්‍රීත් මහමැතිවරණයට… පොහොට්ටුව සමග සන්ධානගතවීම ගැන මත ගැටුමක් !

colombotoday

පෞද්ගලික බස් රථ වර්ජනයක්

colombotoday

රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති වෛද්‍ය සමන් වීරසිංහට රුසියානු විදේශ අමාත්‍යාංශය මගින් පිදෙන සුවිශේෂී සම්මානයකින් පිදුම් ලබයි.

colombotoday

ග්‍රෑන්ඩ්පාස්හී වේල්ස් කුමාර මාවතේ ටයර් කඩයක ගින්නක්

Admin

අතුරලියේ රතන හිමිගේ වාහනයෙන් වේදිනගම විමලතිස්ස හිමි පැහැරගෙන යයි.

colombotoday

ඔක්තෝබර් මාසයේ උද්ධමනය වැඩිවෙයි

Admin