Colombo Today Local News

පෞද්ගලික රෝහල් කොරෝනා රෝගීන්ව හුරගෙන කයි – මුජිබර්ගෙන් ජනපතිට පැමිණිල්ලක්

බොහෝ පෞද්ගලික රෝහල් කොරෝනා ආසාදිතයන්ගේ අසාධාරණ ලෙස මුදල් අය කරන හෙයින් එය වහාම වැළැක්වීමට පියවර ගන්නැයි සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා ජනාධිපතිවරයාට ලිපියක් යොමු කරමින් ඉල්ලීමක් කරයි.

කොරෝනා ආසාදිතයන්ට ලොකු ප්‍රතිකාර කිරීමක් සිදු නොකෙරුණද රෝහල්වලින් පිටව යද්දි ඔවුන් ලොකු බිල් ඉදිරිපත් කරන බව රහුමාන් චෝදනා කරයි.

රෝහල් වලින් පිටව යා හැකි බවට වෛද්‍යවරුන් නිර්දේශ කළත් සමහර පෞද්ගලික රෝහල් විවිධ ගිවිසුම් ගැන කියමින් රෝගීන් දින ගණන් ඒවායේ රඳවා ගෙන ලොකු බිල් ඉදිරිපත් කරන බවත් මෙවැනි අසාධාරණ අයකිරීම් වැළැක්වීමට රජය වහා මැදිහත්විය යුතු බවත් ඔහු අවධාරණය කරයි.

කොරෝනා ආසාදනයවූ අවස්ථාවේදී තමාද මෙවැනි අසාධාරණ අයකිරිම්වලට ගොදුරු වූ මන්ත්‍රීවරයෙකු යැයි ප්‍රකාශ කළ මුජිබර් රහුමාන් මහතා තමා මේ ප්‍රශ්නය පාර්ලිමේන්තුවේදීද කතා කිරීමට බලාපොරොත්තු වන්නේ යැයි සඳහන් කළේය.

දරුණු වසංගතයක් පවතින අවස්ථාවක කල දුටු කල වළ ඉහ ගැනීමට උත්සාහ දරන පෞද්ගලික රෝහල්වලට එරෙහිව ක්‍රියාමාර්ග ගන්නැයි ඔහු රජයෙන් වැඩිදුරටත් ඉල්ලිම් කරයි.

Related posts

ඡන්දෙට වැඩකරපු, සුදුසුකම් නැති පිරිසකට රාජිත සහ බිරිය දුන් පත්වීම් කෝප් කමිටුවෙන් අත්හිටුවයි

colombotoday

සන්ධාන මන්ත්‍රීහූ හෙටත් පාර්ලිමේන්තුව වර්ජනය කරන බව කියයි

colombotoday

කොළඹ හෝටල් සහ රෙස්ටුරන්ට් විවෘත කරන්න හෙට සිට අවසර.

colombotoday

දිවයින පුරා රෝහල්වල කනිෂ්ඨ කාර්ය මණ්ඩලය වර්ජනයක..

Admin

ආගමට මුල්තැන දෙමින් ගෝඨාභය 69 සමරයි..

colombotoday

මේ රට බේරගන්න ඉදිරිපත්වෙන්න සූදානම් බව හර්ෂ ද සිල්වා කියයි.

colombotoday