Colombo Today Local News

රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව උණුසුම් වෙයි

රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ ප්‍රධාන කාර්යාලයේ සේවකයන් පිරිසක් එහි සභාපති නීතීඥ රත්නසිරි කළුපහන මහතාගේ කාර්යාලය වටකරමින් අද (29)දින පෙරවරුවේ විරෝධතාවයක නිරතව තිබේ.

අප්‍රේල් මස වැටුප් නොගෙවීමට විරෝධය දක්වමින් එම සේවකයින් මෙම විරෝධතාවය සංවිධානය කර ඇත.

එම සේවකයින් පිරිස සභාපතිවරයාගේ කාර්යාලයට ඇතුළුවීමට කළ උත්සාහයත් සමග ඉංජිනේරු සංස්ථා මූලස්ථානයේ දැඩි නොසන්සුන්කාරී තත්ත්වයකට පත්විය.

ඒ අනුව රත්නසිරි කළුපහන මහතාට පැය කිහිපයක්ම කාර්යාලයේ රැදී සිටීමට සිදුවිය.

තත්ත්වය පාලනය කිරීම සදහා කොම්පඤ්ඤවීදිය පොලීසිය සහ කොළඹ මහ නගර සභා සෞඛ්‍ය අංශ පැමිණීමෙන් අනතුරුව රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ සභාපතිවරයා එම ස්ථානයෙන් ඉවත් කර ගැනීමට කටයුතු කර ඇත.

Related posts

සෞඛ්‍ය සේවා වෘත්තීය සමිති එකමුතුව වැඩ වර්ජනයක

Admin

සිරගත කළ ඥානසාර හිමියන් එදා හෙළි කළ ඇත්ත

colombotoday

සහල් මගඩියට සම්බන්ධ කැබිනට් ඇමති FCID දක්කයි ?

colombotoday

වේරංග අද අධිකරණයට

colombotoday

ආණ්ඩුව ගෝඨාට බය වෙලා

colombotoday

ලාභ ලබන “ලංකා මිනරල් සෑන්ඩ්ස්”, “පරන්තන් කෙමිකල්ස්” බදුර්දීන්ගේ ගෝලයෙකුට විකුණා දැමේ !

colombotoday