Colombo Today Local News

මඩකලපුවේ රජයේ ඉඩම් කොල්ලයක්.. බලහත්කාරයෙන් පදිංචි වෙයි.. නිලධාරීන්ටත් ප්‍රහාර !!

මඩකළපුව දිස්ත‍්‍රික්කයේ, එරාවූර්, පුන්නකුඩා ප‍්‍රදේශයේ ඉඩම් ප‍්‍රතිසංස්කරණ කොමිසම් සභාවට අයත් ඉඩම් බලහත්කාරයෙන් අල්ලා ගැනීමේ ව්‍යාපාරයක් ක‍්‍රියාත්මක වන බව ඉඩම් ප‍්‍රතිසංස්කරණ කොමිසම් සභාවේ අධ්‍යක්‍ෂක, විමලරාජ් නේෂන් මහතා පවසයි.

ඉඩම් ප‍්‍රතිසංස්කරණ කොමිසම් සභාවට පුන්නකුඩා ප‍්‍රදේශයේ අක්කර 500ට වැඩි භූමි භාගයක් අයත්ව ඇති අතර, මේ වන විට අක්කර 100ට වැඩි ප‍්‍රමාණයක් අල්ලාගෙන පිරිස් බලෙන් පදිංචි වී තිබෙන බවද ඔහු පෙන්වා දී තිබේ.

යුද සමයේ මෙම ප‍්‍රදේශය අත්හැර ගිය සිංහල අයගේ ඉඩම් මේ දිනවල ලබාදීමට ආරම්භ කර ඇති අතර ඉන් පසුව එරාවුර් ප‍්‍රදේශයේ පදිංචි මුස්ලිමි වැසියන් විසින් මෙම ඉඩම් බලහත්කාරයෙන් අල්ලන බව ද පැවසේ.

මෙම ඉඩම් පරීක්‍ෂා කිරීමට ගිය අවස්ථාවේ ඉඩම් බලහත්කාරයෙන් අල්ලාගෙන සිටින පිරිස් තමන්ට පහරදීමට පැමිණි බවද ඔහු සමඟ සිටි පොලිස් නිලධාරීන් විසින් එය වැළැක් වූ බවද අධ්‍යක්‍ෂකවරයා පැවසීය.

පසුව අධ්‍යක්‍ෂකවරයා විසින් මේ පිළිබඳව එරාවූර් පොලීසියට පැමිණිලි කර තිබේ. එරාවුර් පොලීසිය විසින් පහරදීමට පැමිණි පුද්ගලයින් හතර දෙනෙකු අත් අඩංගුවට ගෙන ඇත.

මේ මොහොත වන විට මෙම ඉඩම් ඇල්ලීම නැවතී නැති අතර, අධිකරණ නියෝග පවා නොසලකමින් මෙම ඉඩම් ආක‍්‍රමණය දිගින් දිගටම සිදුවන බව විමලරාජ් මහතා පවසයි.

Related posts

චම්පිකට විජයමුණිට එජාප සංවිධායක ධුර

colombotoday

අරාබි නවාතැන්පොළ හදන ශ්‍රීපාද අඩවියේ පීක් වත්තේ හෙළිනොවූ ඡායාරූප මෙන්න

colombotoday

Video: පල්ලියට ගැහුවේ ජාතිවාදය නිසා නෙවෙයි – තෙල්දෙණිය පල්ලියේ මව්ලවි කියයි

colombotoday

“ජාතිවාදය අවුස්සන්නේ ඥාණසාර හිමියි.. වහා අත්අඩංගුවට ගත යුතුයි“ – හිටපු පළාත්සභා මන්ත්‍රී අජිත් ප්‍රසන්න

colombotoday

DNA නොගැලපේ. සේයා ඝාතනයට සම්බන්ධ නෑ. පාසැල් සිසුවා නිදහස්.

colombotoday

“සුපිරි ඇමති පනත හදා ඇත්තේ අමු මෝඩයෙක්“ – රාජිත

colombotoday