Colombo Today Local News

චීන – ලංකා සබදතා ගැන ඉන්දියාව නොසතුටෙන් !!

ශ්‍රී ලංකාව හා චීනය අතර ආරම්භ කර ඇති සංවර්ධන ගිවිසුම් හා සංවර්ධන ක්‍රියාවලියට එරෙහිව ඉන්දියාව නොසතුටෙන් කටයුතු කරමින් සිටින බවත්, ඉන්දියාව ඒ හරහා අනවශ්‍ය ලෙස ඇගිලිගැසීම් සිදු කරන බවත් චීන ජාතික පුවත්පතක් වාර්තා කරයි.

ඉන්දීය සාගර කලාපයේ ඉන්දියාවට ඇති බලය අහිමි වේයැයි බිය හේතුවෙන් ඉන්දියාව මෙසේ ශ්‍රී ලංකා – චීන සබඳතා සඳහා එරෙහිව කටයුතු කරන බව චීනයේ ග්ලෝබල් ටයිම්ස් පුවත්පත තොරතුරු වාර්තා කර තිබේ.

චීනයේ අධ්‍යාපඥයෙකු වෙන යී මින්වෑන්ග් හා සාකච්ඡාවක් පවත්වමින් ග්ලෝබල් ටයිම්ස් පුවත්පත මෙම තොරතුරු වාර්තා කර ඇත.

හම්බන්තොට වරාය ගනුදෙනුව පිළිබඳව ඉන්දියාව වැඩි වශයෙන් අවධානය යොමු කර ඇතැයිද මින්වෑන් ප්‍රකාශ කර තිබේ.

කෙසේ වෙතත් මෙම ගිවිසුමෙන් ඉන්දියාවට බලපෑමක් නොවන බවට ඔහු ප්‍රකාශ කර ඇත.

එමෙන්ම මෙය ශ්‍රී ලංකාවේ ආර්ථිකයට ධනාත්මක ආකාරයෙන් බලපානු ඇති බවද මින්වෑන්ග් පවසයි.

Related posts

අස්වැසුම ප්‍රතිලාභය සහ ප්‍රගතිය ගැන, ලෝක බැංකු දේශීය අධ්‍යක්ෂ සමග සාකච්ඡාවක්

Admin

නියෝමාල් රංගජීව ඡායාරූප ගනිමින් සිටි මාධ්‍යවේදියෙක් ඇදගෙන යයි

colombotoday

අරුන්දික ප්‍රනාන්දු ඉල්ලා අස්වෙයි

colombotoday

තවත් කොවිඩ් රැල්ලක් ඉතා ආසන්න කාලයක දී ඇති වීමේ දැඩි අවදානමක් – ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය අනතුරු අගවයි

colombotoday

28 වන දා දුම්රිය වෘත්තීය සමිති සන්ධානය වර්ජනයක්

colombotoday

ඔන්ලයින් බිස්නස්වල වාණිජ නීති රාමුව ශක්තිමත් කිරීමට අවධානය

colombotoday