Colombo Today Local News

ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය පාලනයට නව සමාගමක්

Trinco Petroleum Terminal Ltd නමින් ඛණිජතෙල් නීතිගත සංස්ථාවට අනුබද්ධ නව සමාගමක් පිහිට වූ බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

ඔහු සඳහන් කරන්නේ, දැනට IOC සමාගමට බදු දී ඇති තෙල් ටැංකිවලින් රජයට ලැබෙන කොටස පාලනය සඳහා එම සමාගම පිහිට වූ බවයි.

එම තෙල් ටැංකිවලින් කොටසක් රජයට ලබාගැනීම සඳහා සාකච්ඡා මේ වන විට පැවැත්වෙන බව ද ඔහු ප්‍රකාශ කරයි.

IOC සමාගමට බදු දී ඇති ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි 99 යෙන් බහුතරය යළිත් මෙරටට ලබාගැනීම සඳහා එම සාකච්ඡා පැවැත්වෙන බව අමාත්‍යවරයා පවසයි.

එය ඵලදායිව අවසන් කර ලක් රජයට අයත් දේපළක් වන ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි තෙල් සංස්ථාව යටතේ පාලනය කරන Trinco Petroleum Terminal Ltd සමාගම හරහා රටේ ආර්ථිකයට දායකත්වයක් ලබාදෙන පරිදි යොදා ගැනීමට නියමිතයි.

එම කටයුතු ඉදිරි මාසය ඇතුළත අවසන් කර ගැනීමට හැකි වෙතැයි අමාත්‍ය උදය ගම්මන්පිල මහතා විශ්වාසය පළ කරයි.

Related posts

සයිටම් දෙමාපිය සංගමය අද ජනපති හමුවෙයි

colombotoday

පාර්ලිමේන්තුව නැවත් කල් තබයි

colombotoday

විදේශ කටයුතු ඇමති අද එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලය අමතයි

colombotoday

ලබන සතියේ පාර්ලිමේන්තු රැස්වීම දින දෙකයි

colombotoday

ප්‍රභාකරන්ගේ අපේක්ෂාව දෙමළ ජාතික සන්ධානය සුන් කලා – විග්නේශ්වරන් පවසයි

colombotoday

සමාජ, ආර්ථික, සංස්කෘතික පරාධීනත්වය යළි මෙරටට උරුම කරන ‘ඉට්කා‘ අව-මගුල

colombotoday