Colombo Today Local News

අලුත් අවුරුදු සමයේ උත්සව සැනකෙලි තහනම්

සිංහල හා දෙමළ අලුත් අවුරුදු සමයේ දී අවුරුදු උත්සව, පොළ හා වසන්ත සැනකෙලි සඳහා අනුමැතිය ලබානොදීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබේ.

අවුරුදු චාරිත්‍ර වාරිත්‍ර පමණක් නිවාසවලදී කිරීමට අනුමැතිය ලබාදෙන අතර ගමන් බිමන් සීමා කරන ලෙසද ජනතාවගෙන් ඉල්ලා සිටීමට අමාත්‍යාංශයේ අවධානය යොමුව තිබේ. ජනතාව අනවශ්‍ය පරිදි ගමන් බිමන් යාම පාලනය කිරීම සඳහා අවශ්‍ය වුවහොත් සංචරණ සීමා පැනවීමටද අමාත්‍යාංශය සාකච්ඡා කර ඇත.

අවුරුදු සමයේ කොළඹ සිට ගම්බිම් කරා යන සියලුම පුද්ගලයන්ගේ තොරතුරු ලබාගන්නා ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලවලට සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට දැනුම් දීමට නියමිතය. ඇතැම් අවස්ථාවලදී ගම් මට්ටමින් එලෙස පැමිණෙන පුද්ගලයන්ගේ රැපිට් ඇන්ටිජන් පරීක්ෂණ හෝ පී.සී.ආර්. පරීක්ෂණද කිරීමට සැලසුම් කර ඇත.

සෞඛ්‍ය අමාත්‍යාංශය දැනට සකස් කර ඇති මෙම සෞඛ්‍ය මාර්ගෝපදේශ කොවිඩ් මර්දන කාර්ය සාධක බළකායට අද (29)දින ඉදිරිපත් කිරීමට නියමිතය. එහි දී කරන සංශෝධනද ඇතුළත්ව අවුරුදු සමය වෙනුවෙන් කොවිඩ් මාර්ගෝපදේශ මාලාව නිකුත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය සූදානම් වෙයි.

Related posts

පරිප්පු-ටින් මාලු මත පනවා තිබූ උපරිම සිල්ලර මිල ඉවතට

colombotoday

හයිබ්‍රිඩ් අධිකරණය ගැන අධ්‍යයනයට ආණ්ඩුවේ පිරිසක් ස්කොට්ලන්තයට, අනුග්‍රහය ප්‍රකට NGOවකින්

colombotoday

පළමු ශ්‍රී ලාංකික කොරෝනා රෝගියා මෙරටින් හමුවීමත් සමග රජයෙන් විශේෂ නිවේදනයක් !

colombotoday

බ්ලොක්චේන් තාක්ෂණය සහ ක්‍රිප්ටොකරන්සි කමිටුවේ අතුරු වාර්තාවට කැබිනට් අනුමැති

colombotoday

බැදුම්කර වාර්තාව ඉල්ලා රවී ජනපති කාර්යාලයට..

colombotoday

මල්වානේ වල්ගම බෝඩිම් කාමරේ කෝටියක ගංජා

colombotoday