Colombo Today Local News

එජාපයෙන් ඉවත් කළ පළාත් පාලන සභිකයින් වෙනුවට නව සභිකයින් කිහිපදෙනෙක් අද දිවුරුම් දෙයි

සමගි ජන බලවේගයට සහය දැක්වීම හේතුවෙන් එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත් කළ පළාත්පාලන ආයතන නියෝජිතයින් වෙනුවට නව නියෝජිතයින් පත්කිරීම අද (28) දිනයේ සිදුකිරීමට නියමිතය.

සමගි ජන බළවේගයට සහය දැක්වීම හේතුවෙන් මහ නගරසභා, නගර සභා සහ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු 69 දෙනෙකු පසුගියදා එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත් කරනු ලැබීය.

එම 69 දෙනා වෙනුවට නව මන්ත්‍රීවරු පිරිසක් අද දිනයේ දිවුරුම් දීමට නියමිත අතර එය පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකිරීමට නියමිතය.

අද උදෑසන සිරිකොත පිහිටි පක්ෂ මූලස්ථානයේදී එම උත්සවය සෞඛ්‍ය රීතිවලට යටත්ව පැවැත්වෙන බව එක්සත් ජාතික පක්ෂ මහලේකම්වරයා සඳහන් කළේය.

මේ අතර මොවුන්ට අමතරව ඉල්ලා අස්වූ මහ නගර සභා සහ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් වෙනුවට නව සභිකයින් පත්කිරීමට ද නියමිතව තිබේ.

සමගි ජන බලවේගය හා එක්වුණු පළාත් පාලන ආයතන සභිකයින් මැතිවරණ කොමිෂන් සභාවේ ගැසට් නිවේදනයක් මඟින් ප්‍රකාශයට පත්කර ඉවත් කෙරුණි.

Related posts

සියලු නිවාසවලට පිරිසිදු පානීය ජලය ලබා දීම- වැඩසටහනේ ඉදිරි සැලසුම් ජනාධිපතිගේ විමසුමට

colombotoday

හිස්වූ එජාප ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයේ වජිර දිවුරුම් දෙයි

colombotoday

ගෝඨාභය ජනතාවට භාර දෙනවා. – විමල් විරවංශ

colombotoday

මුලතිව් විහාරස්ථාන රැකදෙන ලෙස ඉල්ලමින් උද්ඝෝෂණයක්.

colombotoday

මාලිගාවත්තේ වෙඩි තැබීමකින් පුද්ගලයෙකුට තුවාල

colombotoday

2023 ඡන්ද හිමි නාම ලේඛනයට නම් ඇතුළත් නොවූවන්ට ඉල්ලීම් කරන්න දී තිබූ කාලය අවසන්..

Admin