Colombo Today Local News

බැඳුම්කර සමාගමේ මුදල් මාරුකිරීම තහනම්.. ගනුදෙනු සීමා කරයි !

මහබැංකු බැදුම්කර වංචාවට සම්බන්ධ බවට චෝදනා එල්ල වී ඇති පර්පෙචුවන් ට්‍රෙෂරීස් සමාගමේ මුදල් වෙනත් ගිණුම්වලට මාරු කිරීම තහනම් කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව නියෝගයක් පනවා ඇත.

ඊයේ (25 දා) මුදල් අමාත්‍යාංශයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවේදී මාධ්‍යවේදියකු ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් මුදල් රාජ්‍ය ඇමැති ලක්‍ෂ්මන් යාපා අබේවර්ධන මහතා මේ බව හෙළි කළේය.

මේ අනුව එම සමාගමේ මුදල් එම ගිණුමේ ම තබා ගත යුතු බව ද ඔවුන්ට මින්පසු සිදුකළ හැකි වන්නේ සීමිත ගනුදෙනු ප්‍රමාණයක්‌ පමණක්‌ බව ද ඇමැතිවරයා පැවසුවේය.

මීළඟ අදියරේදී මේ සමාගම උපයාගත් අධික ලාභ නිසා රජයට වූ අලාභය අයකර ගැනීමට ක්‍රියාමාර්ග ගන්නා බව ද මෙය පෙරළියක ඇරඹුමක්‌ බව ද මුදල් රාජ්‍ය ඇමැතිවරයා කියා සිටියේය.

පර්පෙචුවල් ට්‍රෙෂරීස්‌ සමාගම බැඳුම්කර ගනුදෙනුවේදී මහ බැංකුවේ ක්‍රියාපටිපාටි උල්ලංඝනය කර ඇති බවත්, යහපත් වෙළෙඳපොළ පරිචයන් හා ආචාර ධර්ම උල්ලංඝනය කර ඇති බවත් හෙතෙම තවදුරටත් කීවේය.

Related posts

මැතිවරණ වේදිකාවේ පට්ට ගැසූ රවී කරුණානායකට විශිෂ්ට ජයක් – කොට්ඨාශ 9ම දිනයි – මන්ත්‍රීවරු 17ක් තේරී පත් වේ

colombotoday

මාලිමාණ්ඩුවේ පළවෙනි බිල්ල මමයි, රුහුණු උපකුලපති කියයි

Admin

දුරකතන, අන්තර්ජාල හා මුදල් ගෙවා නරඹන රූපවාහිනි සේවා ගාස්තු අද සිට ඉහළට..

colombotoday

ගයේෂා පෙරේරාගේ නිරුවත් කතාවට මධූෂා රාමසිංහගෙන් නිරුවත් ප්‍රතිචාර

colombotoday

වෙඩිතැබීමක් කල හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීට ඇප

Admin

මැතිවරණ පැමිණිලි සඳහා වෙනම මධ්‍යස්ථානයක් පිහිටුවයි

colombotoday