Colombo Today Local News

මෙරට හදවත් රෝගී දරුවන්ට ඉන්දියාවේ අම්රිතා රෝහලේ දී නොමිලේ සැත්කම්

හදවත් රෝගී මෙරට දරුවන්ට ඉන්දියාවේ කෝචි හි පිහිටි අම්රිතා රෝහලේ දී (අම්රිතා වෛද්‍ය විද්‍යා ආයතනය) නොමිලයේ සැත්කම් කිරීම සඳහා වන අවබෝධතා ගිවිසුමකට අත්සන් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවූ බව සම කැබිනට් ප්‍රකාශක, වැවිලි අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පැවසීය.

දරුවන්ගේ හෘද සැත්කම් කිරීම සම්බන්ධයෙන් පවතින තදබදය අවම කිරීම සඳහා මෙම පියවර ගෙන ඇතැයි ඇමතිවරයා සඳහන් කළේය.

මෙරට සෑම වසරකම හෘද රෝග සහිත දරුවන් 3,000ක් පමණ උපත ලබන බවත්, ඔවුන්ගෙන් 1,5000ත්, 2,000ත් අතර පිරිසකට ශල්‍යකර්ම කිරීමට සිදුවුවත් රිජ්වේ ආර්යා ළමා රෝහලේ පහසුකම් පවතින්නේ වසරකට සැත්කම් 900 කට පමණ බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

මේ වන විට ක්‍රියාත්මක ‘ලිට්ල් හාර්ට්’ ව්‍යාපෘතිය යටතේ නව ශල්‍යාගාර සහ හදිසි ප්‍රතිකාර ඒකක ඉදිවන තෙක් ඉන්දියාවේ අම්රිතා රෝහලේ දී අදාළ සැත්කම් සිදුකරදීමට පියවර ගැනෙන බව රමේෂ් පතිරණ මහතා කීවේය.

ඇමති රමේෂ් පතිරණ මහතා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී අද (28) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව අමතමිනි.

ඉන්දියාවේ දිස්ත්‍රික් 3201 ජාත්‍යන්තර රොටරි සමාජය, ආර්.අයි.ඩී 3220 බටහිර කොළඹ රොටරි සමාජය එක්ව රොටරි ආධාර යටතේ වසර දෙකක කාලයක් සඳහා මෙම වැඩපිළිවෙල සැලසුම් කර ඇතැයි ඇමතිවරයා පැවසීය.

ඒ අනුව අදාළ වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය, ඉන්දියාවේ දිස්ත්‍රික් 3201 ජාත්‍යන්තර රොටරි සමාජය හා ආර්.අයි.ඩී 3220 බටහිර කොළඹ රොටරි සමාජය අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා ඉදිරිපත් කළ යෝජනාවකට මෙම අනුමැතිය හිමිවූ බව හෙතෙම ප්‍රකාශ කළේය.

Related posts

කැබිනට් මණ්ඩල තීන්දුවට එරෙහි පෙත්සමට වාසුදේව, විමල්, ගම්මන්පිල යන ඇමතිවරුන් තිදෙනා වෙනම අධිකරණයට

colombotoday

කොළඹ වරායේ 6 වන ගේට්ටුව අසළ වෙඩි තැබීමක් – 9ක් තුවාල ලබා ජාතික රෝහලට

Admin

එජාපයේ තීරණයට හිස නමයි.. විජේදාස ගැන ජනපතිගේ තීරණය දැනුම් දෙයි !

colombotoday

විශ්වාසභංගයෙන් අගමැති හිරවෙද්දී, විධායක ජනපති ධුරය අහෝසියට ජවිපෙ 20 සංශෝධනය ගෙනෙයි

colombotoday

දුමින්ද සිල්වා විශේෂ ජනාධිපති සමාව යටතේ නිදහස් ?

colombotoday

මේ වසරට වෙන්කර ඇති ණය සීමාව ඉක්මවා තවත් බිලියන 310ක ණයක් ඉල්ලයි.. යෝ්ජනාව මැති සබයට…

colombotoday